පැය විසිහතර පුරාවටම සියලුම සිංහල පුවත් ලද සැනින්. පහළට ගමන් කරන්න.

Adaderana Sinhala News

ITN News

 BBC Sinhala

එක්සත් ජනපද-ඉරාන ගිවිසුම සමග එන මග හැර යා නොහැකි ප්‍රශ්නය : ඉරාන යුද්ධය කුමක් සඳහා ද? (Sat, 20 Jun 2026)
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය උපායමාර්ගික පරාජයක් අත්විඳ ඇත. ලෝකයේ ශක්තිමත්ම බලවතා වන ඇමෙරිකා එක්සත් ජනපදය සහ මැදපෙරදිග සුපිරි බලවතා වන ඊශ්‍රායලය විසින් ඉරානය අඩපණ කිරීමට හෝ විනාශ කිරීමට ක්‍රියාත්මක කළ ඒකාබද්ධ මිලිටරි මෙහෙයුමේදී, ටෙහෙරානයේ පාලන තන්ත්‍රය එහි නරකම බියකරු සිහිනයට මුහුණ දුන්නේය. ඉන් පාලන තන්ත්‍රය බේරී ගියා පමණක් නොව, තවත් බලවත් විය.
>> Read More

දරුවන් අපේක්ෂාවෙන් පසුවන කාන්තාවන් නීත්‍යානුකූල නොවන ශුක්‍රාණු දායකයන්ගේ ගොදුරු බවට පත්වෙන හැටි (Sun, 21 Jun 2026)
දරුවෙකු ලැබීමේ දැඩි අපේක්ෂාවෙන් පසුවන කාන්තාවන් ලිංගික හිංසනයන්ට ලක් කරමින්, නීතිවිරෝධී සහ මිල අඩු ශුක්‍රාණු සාම්පල අන්තර්ජාලය හරහා අලෙවි කිරීමේ ජාවාරමක් ගැන තොරතුරු කරළියට පැමිණ තිබේ. සරුභාවය සඳහා නිසි ප්‍රතිකාර ලබාගැනීමට වත්කමක් හෝ අවස්ථාවක් නොමැති ඇතැම් කාන්තාවන්, සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි විකල්ප සෙවීමට පෙළඹී ඇත. මෙය කිසිදු නියාමනයක් නොමැති, ශීඝ්‍රයෙන් වර්ධනය වන කළු කඩ නිර්මාණය කිරීමට හේතු වී ඇති අතර, ඇතැම් කාන්තාවන් "ශුක්‍රාණු සෙවීම සඳහාම වෙන්වූ ටින්ඩර්" (Tinder for sperm) වැනි වෙබ් අඩවිවල පිහිට සොයා යන බව හෙළි වී තිබේ.
>> Read More

'ඊශ්‍රායලය බේරුණේ ඇමෙරිකානු ආයුධ නිසා': එක්සත් ජනපද උප ජනපතිගෙන් ඊශ්‍රායල් අමාත්‍යවරුන්ට විවේචනයක් (Fri, 19 Jun 2026)
පෙබරවාරි 28 වන දින ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට පහර දී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන තෙක් දෙරට අතර සමගිය පැවතිණි. කෙසේ වෙතත්, අප්‍රේල් මාසයේ සටන් විරාමයත්, ඉන් පසුව ඇති වූ සාකච්ඡා සහ කරුණු 14කින් යුත් වත්මන් අවබෝධතා ගිවිසුම පිළිබඳවත් ඊශ්‍රායලය කනස්සල්ල පළ කළේ ය.
>> Read More

වෑන්ස්ගේ ස්විට්සර්ලන්ත සංචාරය අවලංගු වීමත් සමග එක්සත් ජනපද-ඉරාන සාකච්ඡා කල් දැමෙයි (Fri, 19 Jun 2026)
ධවල මන්දිර ප්‍රකාශකයෙකු බ්‍රහස්පතින්දා සවස (ජූනි 18) වාර්තාකරුවන්ට පැවසුවේ උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් සිය ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසූ පරිදි තාක්ෂණික සාකච්ඡා තවමත් අවසන් වී නොමැති බවයි. එක්සත් ජනපද දූත පිරිස ඕනෑ ම වේලාවක පිටත්ව යාමට සූදානම් නමුත් සාකච්ඡාවේ මෙහෙයුම් සහ සැපයුම් කටයුතු පිළිබඳ තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස උපජනාධිපතිවරයා සිකුරාදා (ජූනි 19) ස්විට්සර්ලන්තයට නොයනු ඇති බව ද කියා සිටියේ ය.
>> Read More

තෙල්දෙණිය රෝහල අසලින් හමුවූ කාන්තා මළ සිරුර: අප මෙතෙක් දන්නේ මොනවා ද? (Fri, 19 Jun 2026)
මගේ ඥාති පුතෙකුට නුවරඑළියේදී නංගිව හම්බ වේලා තිබුණා ජූනි 15 වන දා. ඒ හම්බ වුණාට පස්සේ එයා කියලා තිබුණා නිවාඩුවක් ගත කරන්න ආවා කියලා. ඊට පස්සේ මගේ ඥාති පුතාට සැක හිතිලා මේ ගැන මට දැනුම් දුන්නා."
>> Read More

ශරීරයට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන හඳුනා ගන්නේ කෙසේ ද? (Mon, 15 Jun 2026)
මෙම විෂ රසායන, කලක් භාවිත කිරීමෙන් ශරීරයේ රුධිර වාහිනී හරහා මොළය, වකුගඩු හා අක්මාව වැනි අවයවවල තැන්පත් වන අතර ඉන් එම අවයව අකර්මණ්‍ය විය හැකි බවට වෛද්‍ය චාන්දනී විතානගේ අනතුරු ඇඟවූවා ය.
>> Read More

සිහින හැඩගැස්වීමේ විද්‍යාව යනු කුමක් ද? ඉන් ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද? (Wed, 10 Jun 2026)
සිහින පැමිණෙන්නේ කොහෙන් ද? සහ ඒවායින් ඉටු වන කාර්යය කුමක් ද? යන්න තේරුම් ගැනීමට මිනිසුන් සියවස් ගණනාවක් පුරාවට උත්සහ කර තිබේ. නමුත් නින්ද පිළිබඳ ඇතැම් පර්යේෂකයන් දැන් විශ්වාස කරන්නේ අපට ඉක්මනින් ම අපගේ සිහිනවල අරුත පැහැදිලි කර ගැනීමට පමණක් නොව, ඒවා හැඩගස්වා ගැනීමට ද හැකි වනු ඇති බව ය.
>> Read More

බඩගින්නට කන කෙටි ආහාරවලින් ඔබේ ජීවිතය කෙටි වෙයි ද? (Fri, 05 Jun 2026)
"ප්‍රධාන ආහාර වේල් හැරුණා ම භාවිත කරන කෙටි ආහාර අධික සීනි, ලුණු සහ තෙල් අඩංගු දේවල්. ඒවා රෝල්ස් වෙන්න පුළුවන්, පැටිස් වෙන්න පුළුවන්, එහෙම නැති නම් රස කළ බීම පැකට් එකක් වෙන්න පුළුවන්. මේ දේවල් පරිභෝජනය ස්ථූලභාවය වැඩි වීමට ප්‍රධාන හේතුවක්," යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ අංශයේ, පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනෝජි ගමගේ පැවසුවා ය.
>> Read More

ඔබේ පිඟානට කොපමණ ආහාර ප්‍රමාණයක් බෙදා ගත යුතු ද? (Fri, 29 May 2026)
පසුගිය අවුරුදු 50 තුළ අපගේ ආහාර වේලෙහි ප්‍රමාණය විශාල වෙමින් පවතී - නමුත් අපි නිරෝගීව සිටින බව සහ අධික ලෙස ආහාර නොගන්නා බව සහතික කර ගන්නේ කෙසේ ද?
>> Read More

නිවසට සූර්ය බල පද්ධතියක් සවි කිරීමට පෙර ඔබ දැනගත යුතු කරුණු 5ක් (Fri, 19 Jun 2026)
ඔබත් සූර්ය බලශක්ති පද්ධතියක් නිවසේ හෝ ඔබේ ආයතන පරිශ්‍රය තුළ සවි කිරීමට අදහස් කරයි නම්; එහිදී ඔබ අවධානය යොමු කළ යුතු කරුණු මොනවා ද යන්න මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙමු.
>> Read More

2026 පළමු මාස 6 අවසන් වීමට පෙර ඩෙංගු රෝගීන් 40,000 ඉක්මවයි: ඩෙංගු වේගයෙන් ව්‍යාප්ත වීමට බලපා ඇති හේතුව කුමක් ද? (Tue, 16 Jun 2026)
කුණාටු තත්ත්වය හේතුවෙන් ඇතිවූ පාරිසරික ගැටළු සහ මේ වසර මුල සිට මේ දක්වා කඩින් කඩ ඇතිවූ වර්ෂාපතනය මදුරු ගහණය ඉහළ යාමට හේතුවක් වූ බව වෛද්‍ය කපිල කන්නන්ගර කියා සිටියේ ය.
>> Read More

චෙම්මනි සමූහ මීනී වළ උතුරෙන් හමුවූ විශාල ම සමූහ මිනි වළ බවට පත්වේ (Tue, 16 Jun 2026)
මේ දක්වා මිනිස් සිරුරු 351 කට අදාළ අස්ථි කොටස් ගොඩ ගැනීම හරහා චෙම්මනි සමූහ මීනීවළ උතුරු පළාතෙන් මෑත ඉතිහාසයේ හමුවූ විශාලම සමූහ මීනීවළ බවට පත්ව තිබේ.
>> Read More

එල්-නිනෝ : ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව, පානීය ජලය සහ බලශක්තිය යන ක්ෂේත්‍ර වලට ඇති කරන බලපෑම (Mon, 15 Jun 2026)
මෙම එල්නිනෝ තත්ත්වයට ශ්‍රී ලංකාව මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ පසුගිය (10 වැනිදා) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.ඊට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, පරිසර අමාත්‍යංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ප්‍රජා ජලසැපයුම් දෙපාර්තමේන්තුව, නාරා ආයතනය වැනි රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ලෝක ආහාර වැඩසටහන, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය වැනි ජාත්‍යන්තර අයතනවල නියෝජිතයෝ ද සහභාගි වූහ.
>> Read More

ප්‍රමිතියෙන් යුතු සුරැකුම් නිවාසයක් හඳුනාගන්නේ කෙසේ ද? (Sat, 06 Jun 2026)
කිසියම් පවුලක සාමාජිකයෙකු වැඩිහිටි නිවාසයකට භාර දීමට පෙර එම පුද්ගලයාගේ භාරකරුවන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව බීබීසී සිංහල වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක චතුර මිහිදුම්ගෙන් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, යම් සුරැකුම් නිවාසයක් නිසි ප්‍රමිතියකට අනුව පවත්වාගෙන යන්නේ ද? යන්න හඳුනාගැනීම සඳහා කරුණු කිහිපයක් පරීක්ෂා කළ යුතු බව ය.
>> Read More

Lankadeepa News

Hiru News

Swarnavahini News

Sirasa News