පැය විසිහතර පුරාවටම සියලුම සිංහල පුවත් ලද සැනින්. පහළට ගමන් කරන්න.

Adaderana Sinhala News

ITN News

 BBC Sinhala

2026 අයවැයෙන් ඉදිකිරීමට යෝජිත අධිවේගී මාර්ග මොනවා ද? (Mon, 10 Nov 2025)
2026 වසර සඳහා සමස්ත මාර්ග සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 342,000ක් වෙන් කිරීමට නව අයවැයෙන් යෝජනා කර තිබේ. එම යෝජනා අනුව ලබන වසර තුළදී අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධනය කිරීමට යෝජිත මාර්ග සහ ඒ සඳහා වෙන් කිරීමට නියමිත මුදල් ප්‍රමාණයන් මෙම ලිපියෙන් විස්තර කෙරේ.
>> Read More

ට්‍රම්ප්ගේ වාර්තා චිත්‍රපටය සංස්කරණය කිරීම හේතුවෙන් බීබීසී අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රවෘත්ති ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වේ (Mon, 10 Nov 2025)
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතාවක් සංස්කරණය කර පැනොරාමා වාර්තා චිත්‍රපටයක් හරහා නරඹන්නන් නොමග යැවූ බවට එල්ල වූ විවේචනවලින් පසු බීබීසී අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ ප්‍රවෘත්ති ප්‍රධානී ඩෙබෝරා ටර්නස් ඉල්ලා අස්වී තිබේ. ඩේවි වසර පහක් එම තනතුර දැරූ අතර, බීබීසී මාධ්‍ය ආයතනයට එල්ල වී ඇති පක්ෂග්‍රාහී බවට වූ චෝදනා මාලාවක් හේතුවෙන් ඔහු දැඩි පීඩනයකට මුහුණ දී සිටියේ ය.
>> Read More

අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අද ()
අයවැය දෙවැනි වර කියවීමේ විවාදය අද දෙවැනි දිනට ආරම්භ කොට තිබේ. සෙනසුරාදා ආරම්භ වූ විවාදයේදී රජයට කැබ් රථ මිලදී ගැනීම, වතුකම්කරු වැටුප් වැඩි කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ විවාදයට ලක්විය.
>> Read More

අඛණ්ඩව හයේ පහර 8ක් එල්ල කළ ඉන්දීය ක්‍රීඩකයෙක් ක්‍රිකට් වාර්තා අලුත් කරයි (Mon, 10 Nov 2025)
ආකාෂ් කුමාර් චෞද්රි ඉන්දියාවේ දේශීය තරගයකදී ක්‍රිකට් වාර්තා අතරට එක්වූයේ, අඛණ්ඩව හයේ පහර අටක් එල්ල කරමින් පළමු පන්තියේ තරගයකදී රැස් කළ වේගවත් ම අර්ධ ශතකය වාර්තා කරමිනි. මෙම විශිෂ්ට පිතිකරණයේ දක්ෂතාව යනු, එක ම පන්දුවාරයකදී හයේ පහර හයක් එල්ල කිරීම පමණක් නොව, ඔහු මුහුණ දුන් ඊළඟ පන්දු දෙකේදී ද තවත් හයේ පහර දෙකක් එල්ල කරමින්, ක්‍රිකට් ක්‍රීඩාවේ සර්ව කාලීන ශ්‍රේෂ්ඨයන් දෙදෙනෙකුගේ දස්කම් අභිබවා යාම ය.
>> Read More

කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වූ ChatGPT Atlas බ්‍රව්සරය Google Chrome සඳහා අභියෝගයක් ද? (Mon, 10 Nov 2025)
OpenAI මගින් ලොව ජනප්‍රිය ම බ්‍රව්සරය වන Google Chrome වැනි තරගකරුවන්ට අභියෝග කිරීම සඳහා නිර්මාණය කළ Atlas නමැති කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන නව වෙබ් බ්‍රව්සරයක් එළි දක්වා තිබිණි. ChatGPT-නිර්මාපක සමාගම කෘත්‍රිම බුද්ධිය (AI) සඳහා කරන ආයෝජනයෙන් මුදල් උපයා ගැනීමට සහ එහි වර්ධනය වන පරිශීලක පදනමෙන් ප්‍රයෝජන ගැනීමට නැවුම් ක්‍රම සොයමින් සිටින අතරතුර, Atlas ආගමනය සිදුව තිබේ.
>> Read More

යොවුන් වියේ ඔබගේ හිසකෙස් අකලට සුදු විය හැකි ද? ඔබට එය නැවත යථා සකසා ගත හැකි ද? (Wed, 05 Nov 2025)
පෝෂණ ඌනතාවයන් නිසා ඔබේ හිසකෙස් අකලට පැසෙනවා විය හැකිද - ඔබට එය ආපසු හැරවිය හැකිද?
>> Read More

ඔබේ දත් බුරුසුව බැක්ටීරියා සඳහා නිවහනක් ද? මේ එය වෙනස් කිරීමට කාලය ද? (Mon, 03 Nov 2025)
ඔබේ දත් බුරුසුව විෂබීජවලින් පිරී ඇත. එහි ගෙවී ගිය කෙඳි ඔබ දත් මදින සෑම අවස්ථාවක ම තෙත් වී ආහාරවලින් පිරී යන කුඩා පරිසර පද්ධතියක් නිර්මාණය කරයි. මෙම තෙතමනය සහිත අවකාශයේ මිලියන ගණනක් ක්ෂුද්‍ර ජීවීහු ජීවත් වී, වර්ධනය වෙති.
>> Read More

අධික ලෙස ඩහදිය දමන්නේ නම් ඔබට කළ හැක්කේ කුමක් ද? (Tue, 28 Oct 2025)
සාමාන්‍යයෙන් ඩහදිය දැමීමේ ප්‍රමාණය කොපමණ ද? කනස්සල්ලට පත්විය යුතු තත්ත්වයක් නම් ඔබ කළ යුත්තේ කුමක් ද?
>> Read More

සොබාදහම සමග මිනිත්තු 20ක් ගත කිරීම ඔබේ සෞඛ්‍යයට ප්‍රයෝජනවත් විය හැකි ආකාර 4ක් (Thu, 23 Oct 2025)
එළිමහනේ කාලය ගත කිරීම ආතති හෝමෝන අඩු කිරීම, රුධිර පීඩනය සමතුලිත කිරීම සහ ආහාර දිරවීම වඩාත් හොඳින් ඉටු වීම වැනි ශරීරය තුළ බොහෝ වෙනස්කම් ඇති කරයි.
>> Read More

'Golden Crescent' සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන එන අයුරු සහ ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක වන හැටි (Tue, 04 Nov 2025)
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නැගෙනහිර ඉන්දියානු සාගර කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරමට ප්‍රධාන වශයෙන් සම්බන්ධ බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ ඇති වාර්තාවක දැක්වේ. මුහුදු මාර්ග ඔස්සේ ක්‍රියාත්මක නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේදී මාලදිවයින සහ ශ්‍රී ලංකාව එම ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කයක් වී ඇති අතර මෙම රටවල් දෙක ප්‍රධාන මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ ස්ථාන බවට පත්ව ඇති බව එම වාර්තාවේ සඳහන් ය.
>> Read More

7 දෙනෙක් අතර තරගයක් බවට පත්ව ඇති ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තෝරන නිලවරණය පැවැත්වෙන්නේ කොහොම ද? (Fri, 07 Nov 2025)
බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරගත්කාරත්වය සඳහා වන දියවඩන නිලමේ ධූරය සඳහා සුදුස්සෙකු තෝරා පත් කර ගැනීමේ නිලවරණය අද (නොවැ: 07) පස්වරුවේදී මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරියේදී පැවැත්වේ.
>> Read More

මාධ්‍යවේදීන්ට එරෙහි නොවිසඳුණු අපරාධ පිළිබඳ නඩු හා විමර්ශන නතර වී ඇත්තේ කොතැන ද? (Sun, 02 Nov 2025)
2000 වසරේ සිට 2015 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පැහැර ගැනීම් හා පහරදීම් ඇතුළු අපරාධ පිළිබඳ සිදුවීම් ගණනාවක් වාර්තා වී ඇතත්, ඒවාට යුක්තිය ඉටු වී ඇත්තේ ඉතා අල්ප වශයෙනි.
>> Read More

විදෙස් රටකට යාමට ගුවන් තොටුපළට යන ඔබව ආපසු හරවා එවන්න පුළුවන් කාට ද? (Fri, 31 Oct 2025)
සංචාරක වීසාවකින් යමෙක් විදේශ ගත වීමේ දී එය ප්‍රශ්න කිරීමට හෝ ඒ පිළිබඳව විමසීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයට නෛතික හැකියවක් තිබේ ද යන්න ගැටලුවකි.
>> Read More

සැකකරුවන් මාධ්‍ය ඔස්සේ නිරාවරණය කිරීම 'මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්': පොලිසියේ ප්‍රතිචාරය කුමක් ද? (Fri, 31 Oct 2025)
අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් මාධ්‍ය වෙත නිරාවරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට දැඩි චෝදනා එල්ල වෙමින් තිබේ. මෙම තත්ත්වය වඩාත් කතාබහට ලක්වූයේ, වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කළ සැකකරු බව කියන පුද්ගලයෙකු පසුගිය දා මහරගමදී අත්අඩංගුවට ගත් අවස්ථාව විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග ය.
>> Read More

Lankadeepa News

තලාව අනතුරේ බස් රියදුරු අත්අඩංගුවට (Mon, 10 Nov 2025)
තලාව 411 ගම්මානයට ගමන් කරන ජයගඟ මාර්ගයේදී අද (10) අනතුරට ලක් වූ පෞද්ගලික බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
>> Read More

දික්වැල්ල මුහුදේ ගිලී විදේශීය සංචාරකයෙක් මරුට (Mon, 10 Nov 2025)
දික්වැල්ල වෙරළ තීරයේ දිය නාමින් සිටි චෙක් ජාතික විදේශීය සංචාරකයෙකු අද (10) සවස 01 ට පමණ මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය
>> Read More

බෙන්තොට සමූපකාරය ජාජබ දිනා ගනී (Mon, 10 Nov 2025)
බෙන්තොට විවිධ සේවා සමූපකාර සමිතියේ නව අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත් කර ගැනීම පැවති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූහ.
>> Read More

’මත්රකුසා රටම වෙලාගෙන’ (Mon, 10 Nov 2025)
ශ්‍රී ලංකාවේ කිරිසප්පයා පවා ඇබැහිවන තත්වයට විෂ මත්ද්‍රව්‍ය ව්‍යවසනයක් බවට පත්ව ඇතැයි කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (10) පැවසුවාය.
>> Read More

පියා නිවෙසට ගිනි තබා උසස් පෙළ සිසුවියටත් වින කරලා (Mon, 10 Nov 2025)
අපොස උසස් පෙළ විභාගයට පෙනි සිටින සිසුවියක පදිංචි නිවසට ඇගේ පියා ගිනි තැඹිම නිසා ඇගේ පොත් පත් සහ ඇඳුම් පැළඳුම් විනාශවී ඇතැයි පොලිසිය කියයි.
>> Read More

මුහුදු සීමාව පැන්න ඉන්දීය ධීවරයන් 14ක් මාට්ටු (Mon, 10 Nov 2025)
යාපනය, අනලතිව් දූපත ආසන්න මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයන් 14 දෙනකු ඊයේ (9) භාරයට ගත් බව නාවික හමුදාව පවසයි.
>> Read More

දෙදෙනකු මැරුවාට හය දෙනකුට මරණ දඬුවම් (Mon, 10 Nov 2025)
පුද්ගලයක් දෙදෙනකුට පහරදී ලොරි රථයකට යට කර මරා දැමි යැයි කියන චෝදනාවට වැරදිකරුවන් වූ පස් දෙනෙකුට අම්පාර මහාධිකරණ විනිසුරු රුචිර ශ්‍රීනිත් මෙන්ඩිස් විජේසිකර මහතා අද මරණ දඬුවම නියම කළේය.
>> Read More

මහවැලි අධිකාරයේ හිටපුු අධ්‍යක්ෂ අපේක්ෂිත ඇපයක් ඉල්ලයි (Mon, 10 Nov 2025)
රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සැකකරුගේ විමර්ශනයන්ට අදාළව තමන් අත්අඩංගුවට පත්වුවහොත් ඇප ලබා ගත හැකි වන පරිදි පූර්ව ඇපයක් නියම කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා මහවැලි අධිකාරයේ හිටපුු අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී කොටගම මහතා විසින් අපේක්ෂිත ඇප අයදුමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට (10)ඉදිරිපත් කළේය.
>> Read More

‘බැඳුම්කරේ සුද්ද කර පොත් ලිව්වා’ (Mon, 10 Nov 2025)
බැඳුම්කර වංචාව සුද්ද කර පොතක් ලිව්වැයි වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කළ චෝදනාවක් හේතුවෙන් සමරසිංහ මහතා සහ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා අතර බහින්බස්වීමක් සිදුවීමෙන් පාර්ලිමේන්තුවේ අද (10) පෙරවරුවේ උණුසුම් තත්වයක් ඇතිවිය.
>> Read More

ගිය වසරේ විගණන වාර්තාව කතානායකට බාරදෙයි (Mon, 10 Nov 2025)
2024 වර්ෂයට අදාළ විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී භාරදෙනු ලැබීය
>> Read More

විමල්ට එරෙහි නඩුවේ සාක්ෂි කැඳවීමට දින දෙයි (Mon, 10 Nov 2025)
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ දී උද්ඝෝෂණයේ නිරත වෙමින් මාර්ග අවහිර කළේ යැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් හය දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි 19 දින සිදුකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා (10)දින නියම කළේය.
>> Read More

සිවිල් ආරක්ෂක භටයෝ 10000 ක් පොලිසියට වනජීවීයටත් 5000ක් (Mon, 10 Nov 2025)
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දස දහසක් පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරී සඳහා ඉදිරියේදී අනුයුක්ත කර විශේෂ දීමනාවක් ලබාදී පහසුකම් වැඩි කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
>> Read More

Hiru News

Swarnavahini News

Sirasa News