Extra News / Unedited News

  

කුඩා තම්මැන්නාව වැවේ සැකකටයුතු කාන්තා මළ සිරුරු දෙකක්.. (Sun, 26 May 2019)
අනුරාධපුර, කුඩා තම්මැන්නාව වැවේ තිබී, සැක කටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් හමුවී ඇති බව වාර්තා වේ. මෙම කාන්තාවන් දෙදෙනා අංක. 436/12, හයිලෙවල් පාර, ගංගොඩවිල ලිපිනයේ පදිංචි වයස අවුරුදු 28 ක සහ වයස අවුරුදු 22 ක කාන්තාවන් දෙදෙනෙකු බව අනාවරණය වී තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණ සදහා අදාළ සිරුරු දෙක අනුරාධපුර රෝහලට රැගෙන ගොස් ඇත.
>> Read More

ආනමඩුව, හලාවත මාර්ගයේ නාගවිලදී සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු මරුට.. (Sun, 26 May 2019)
යතුරුපැදියක් සහ කැබ් රථයක ගැටීමෙන් ආනමඩුව, හලාවත මාර්ගයේ නාගවිල ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මෙම අනතුරින් මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් කරමින් සිටි තිදෙනෙකි. අනතුරින් පසු බරපතල තුවාල ලැබූ එම පුද්ගලයින් තිදෙනා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. අනතුර සම්බන්ධයෙන් පල්ලම පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.
>> Read More

සැකකාර කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙනුත් විශේෂ පරීක්ෂණයක්.. (Sun, 26 May 2019)
සැකකාර කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා සම්බන්ධයෙන් තම සංගමය විසින් ද විශේෂ පරීක්ෂණයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඒ සදහා ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කර ඇති බව ද එම සංගමය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.
>> Read More

කුරුණෑගල රෝහලේ සැකකාර වෛද්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට.. (Sun, 26 May 2019)
වත්කම් උපයාගැනීම සැකසහිත බවට චෝදනා කරමින් අත්අඩංගුවට පත්වූ කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි යන අය ඊයේ (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරයට පමුණුවන ලදී. අදාළ චෝදනාව සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්ණ කිරීම සඳහා මෙසේ අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත. එමෙන්ම අදාළ සැකකාර වෛද්‍යවරයා විසින් සිදුකරන ලද ව්‍යාපාර කටයුතු [...]
>> Read More

අදත් විශේෂ සෝදිසි මෙහෙයුම්, ඊයේ මෙහෙයුම් වලදී සැකසහිත 24 ක් අත්අඩංගුවට.. (Sun, 26 May 2019)
දිවයිනේ දිස්ත්‍රික්ක 05 ක් තුළ ඊයේ (25) සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුම් තුළින් සැකකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගත්බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. පොලිසිය සහ යුද හමුදාව ඒකාබද්ධව මෙම මෙහෙයුම් දියත් කරන ලද අතර අද (26) දිනය තුළදී ද එම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව ද වාර්තා වේ. යුධ හමුදා නිල ඇදුම්, [...]
>> Read More

කේරළ ගංජා කිලෝ 245 ක් ඩිංගි යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා දැලේ.. (Sat, 25 May 2019)
කේරළ ගංජා තොගයක් ඩිංගි යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 245 ක් මෙහිදී අත්අඩංගුවට පත් තිබේ. නාවික හමුදා නිලධාරීන් විසින් උතුරු මුහුදේදී සිදුකරන ලද මෙහෙයුමකදී මෙම ගංජා තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
>> Read More

ගිනි අවියක් සහ ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු පිළියන්දලදී දැලේ.. (Sat, 25 May 2019)
ගිනි අවියක් සහ ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පිළියන්දල, හැඩිගම ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ මෝටර් රථයක් නවතා පරීක්ෂා කරන ලද අවස්ථාවේ දී මෙම ගිනි අවිය සහ ජීව අත් බෝම්බය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් අද (25) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
>> Read More

බදුරලිය පැසලක තිබී අත්බෝම්බ සහිත පාර්සලයක් හමුවීම, සැකකරුවෙකු අත්අඩංගුවට.. (Sat, 25 May 2019)
බදුරලිය ප්‍රදේශයේ පැසලක තිබී අත්බෝම්බ සහිත පාර්සලයක් හමුවීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බදුරලිය, හැඩිගල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (24) රාත්‍රී කාලයේ අත්අඩංගුනට ගෙන ඇති අතර මේ වන විට සැකකරු බදුරලිය පොලිස් ස්ථානයේ රදවා තබාගෙන විමර්ශනය කරනු ලබයි.
>> Read More

සමෘද්ධි දිමනාව දේශපාලන වුවමනාවන් මත ලබාදීමේ වැඩපිලිවෙළක් ක්‍රියාත්මකයි – සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිළධාරීන්ගේ සංගමය (Sat, 25 May 2019)
දේශපාලන වුවමනාවන් මත එක් පිරිසකට පමණක් සමෘද්ධි දිමනාව ලබාදීමේ වැඩපිලිවෙළක් මේ වන විට ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිළධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින්ට පමණක් අදාළ දීමනාව ලබාදීමේ උත්සහයක් දියත් වන බව එම සංගමයේ ලේකම් ජගත් කුමාර මහතා පවසා සිටියි. ඊයේ (25) කොළඹදී [...]
>> Read More

කෝටි 02 ක් වටිනා හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට.. (Sat, 25 May 2019)
හෙරොයින් කිලෝ ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 150 ක් සමඟ සැකකරුවෙක් ඔරුගොඩවත්ත ගුවන් පාලම අසළදී වැල්ලවත්ත දිසා දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අදාළ හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 02 කට අධික වන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. වයස 34 ක් වු මහබුත්ගමුව, අංගොඩ ලිපිනයේ පදිංචි මෙම සැකකරු [...]
>> Read More

පොදුජන පෙරමුණේ, හෝමාගම ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙකුගේ නිවසට මැර ප්‍රහාරයක්.. (Fri, 24 May 2019)
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ, හෝමාගම ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර කමල් චන්දන මහතාගේ නිවසට මැර ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තා වේ. අද (24) අළුයම් කාලයේදී මෙම මැර ප‍්‍රහාරය එල්ල වී ඇති අතර මුහුණු අවාරණය කරගනිමින් යතුරු පැදි 03 කින් පැමිණි පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇතැයි අනාවරණය වී ඇත. හෝමාගම පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන කටයුතු [...]
>> Read More

පාස්තු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය කරන විශේෂ තේරීම් කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ඉවත් වෙයි.. (Fri, 24 May 2019)
පසුගිය පාස්තු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඉවත්ව ඇති බව අනාවරණය වේ. පුද්ගලික හේතුවෙක් මත තමන් මෙම විශේෂ තේරීම් කාරක සභාවෙන් ඉවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අවධාරණය කර තිබේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඉවත්වීමේන් ඇතිවූ [...]
>> Read More

අග්‍රාමාත්‍යවරයා රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම අත්හිටුවීමේ උත්සහයක නිරතව සිටිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක (Fri, 24 May 2019)
ලොව කිසිදු බෞද්ධයෙකු අමාත්‍ය මංගල සමරවීර මහතා මෙන් කටයුුතු නොකරනු ඇති බවත් ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බවට ඒ මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශය විහිළු සහගත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අවධාරණය කර සිටියි. ඊයේ (23) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර දිසානායක මහතා [...]
>> Read More

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පෙර පුහුණු තරග ශ‍්‍රී ලංකා – දකුණු අපි‍්‍රකා තරගයෙන් ඇරඹේ.. (Fri, 24 May 2019)
ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පෙර පුහුණු තරග ආරම්භ කරමින් ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර අද (24) පුහුණු තරගයක් පැවැත්වීමට නියමිතව ඇත. අද පස්වරු 03.00 ට මෙම තරගය ආරම්භ වන අතර ඇෆ්ගනිස්තානය සහ පකිස්ථානය අතරත් අද පුහුණු තරගයක් පැවැත්වීමට නියමිතව ඇත.
>> Read More

අද පළාත් කිහිපයකට වැසි.. (Fri, 24 May 2019)
අද (24) දිනය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එමෙන්ම දිවයිනේ අනෙකුත් පළාත්වල ස්ථාන කිහිපයක අද දහවල් 02.00 න් පමණ පසුව ද වැසි ඇති විය හැකි බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.
>> Read More

වැල්ලවාය, බෝගහපතන මිරිස්ඇටහෙල කඳු රක්ෂිතයේ ගින්නක්.. (Fri, 24 May 2019)
වැල්ලවාය, බෝගහපතන මිරිස්ඇටහෙල කඳු රක්ෂිතයේ ඊයේ (23) දහවල් කාලයේ සිට ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. මෙම ගින්න හේතුවෙන් රක්ෂිතයේ අක්කර පනහකට අධික භූමි ප්‍රදේශයක් විනාශ වී ඇති අතර මේ වන විට පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ගින්න මැඩපැවැත්වීම ඉතා අපහසුවී ඇති බව ද වාර්තා වේ. වැල්ලවාය පොලීසිය විසින් වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.
>> Read More

හැටන් – මහනුවර පුද්ගලික සහ ලංගම බස් සේවකයින් වර්ජනයක.. (Fri, 24 May 2019)
බස් රථ නැවැත්වීමේ ස්ථානයක් සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් හැටන් – මහනුවර මාර්ගයේ සියළු පුද්ගලික සහ ලංගම බස් රථ වැඩ වර්ජනයක් දියත් කර ඇති බව වාර්තා වේ. මීට පෙර අදාළ බස් රථ නාවලපිටිය බස් නැවතුම්පොලට ඇතුළත් කර මගින් නංවා ගත්ත ද ඊයේ (23) සිට එම බස් රථ ඉහත ස්ථානයට ඇතුළත් කර නොගෙන නාවලපිටිය දුම්රිය [...]
>> Read More

ඉදිරියටත් රට වෙනුවෙන් කැපවනවා, ගැටළු විසදීමට බෞද්ධ ක්‍රමවේදයන් භාවිතා කළයුතුයි – පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි (Fri, 24 May 2019)
කළයුතුව ඇත්තේ එකිනෙකාට චෝදනා කිරීම නොව උද්ගතව ඇති ගැටළු සදහා හේතු සොයා බලා පිළියම් යෙදීම බව ජනාධිපති සමාව ලබා සිරදඩුවමෙන් නිදහස් වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අවධාරණය කර සිටියි. ඊයේ (24) පස්වරුවේ සිරදඩුවමෙන් නිදහස් වීමෙන් පසු උන්වහන්සේ රුක්මලේ, ධර්මවිජයාලෝක විහාරස්ථානයේදී කෝට්ටේ ශ්‍රි කල්‍යාණි සමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහනායක [...]
>> Read More

පුද්ගලික හෝ රාජ්‍ය ආයතයන් තුළ අරාබි භාෂාවෙන් ප්‍රදර්ශනය කර ඇති පුවරු ඉවත් කිරීමේ චක්‍රලේඛයක්.. (Fri, 24 May 2019)
මෙරට පුද්ගලික හෝ රාජ්‍ය ආයතයන් තුළ පුවරු අරාබි භාෂාවෙන් ප්‍රදර්ශනය කර ඇත්නම් ඒවා වහාම ඉවත් කරන ලෙස දන්වමින් චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අනාවරණය කර සිටියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිංහල, දෙමළ හා ඉංග්‍රිසි භාෂාව හැර වෙනත් කිසිදු භාෂාවක් ප්‍රදර්ශනය නොකළ යුතු බවත් අදාළ චක්‍රෙල්ඛය ඉදිරියේදී සියළුම රාජ්‍ය [...]
>> Read More

ඥාණසාර හිමිට අද පොදු සමාව.. (Thu, 23 May 2019)
අධිකරණයට අපහස කිරීමේ චෝදනාව යටතේ බරපතළ වැඩ සහිත වසර 06 ක සිරදඬුවමක් නියමවූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද (23) දිනයේදී ජනපති පොදු සමාව හිමිවනු ඇති බවට වාර්තා වේ. 2018 වසරේ අගෝස්තු මස 08 වන දින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කරන ලද අතර පාර්ශව කිහිපයක් විසින් උන්වහනසේට පොදු සමාව [...]
>> Read More

පුද්ගලික හේතුවක් මත ධූරයෙන් ඉල්ලා අස්වනවා – කි‍්‍රකට් ඉහළ දක්ෂතා වර්ධන මධ්‍යස්ථානයේ පුහුණුකරු තිලාන් සමරවීර (Thu, 23 May 2019)
පුද්ගලික හේතුවක් මත තම ධූරයෙන් ඉල්ලා අස්වන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉහළ දක්ෂතා වර්ධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවෙකු කටයුතු කළ හිටපු ප්‍රවීණ ක‍්‍රිකට් ක‍්‍රීඩක තිලාන් සමරවීර මහතා පවසා සිටියි. ඒ අනුව තමන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමග පවතින සියලු ගිවිසුම්වලින් ඉවත් වන බව ද ඒ මහතා පවසා සිටියි. සමරවීර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කි‍්‍රකට් ආයතනය වෙත [...]
>> Read More

බි‍්‍රගේඩියර්වරුන් දස දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට.. (Thu, 23 May 2019)
ජනාධිපති නියමයෙන් යුද හමුදා බි‍්‍රගේඩියර්වරුන් දස දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇති බව වාර්තා වේ. අදාළ උසස්වීම් මැයි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ලබාදී තිබේ.
>> Read More

ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත්ට එරෙහිව පූර්ණ විමර්ශනයක්, නීතිපතිවරයාගෙන් උපදෙස්.. (Thu, 23 May 2019)
පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන්නැයි නීතිපතිවරයා, වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.අදාළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තා දෙකක් අධ්‍යයනය කිරීමෙන් පසු නීතිපතිවරයා විසින් මෙම උපදෙස් ලබාදී ඇත. එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි [...]
>> Read More

ප්‍රදේශ කිහිපයකට අද වැසි.. (Thu, 23 May 2019)
අද (23) දිනය තුළ පලාත් කිහිපයකට වැසි ඇතිවනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල මෙන්ම යාපනය දිස්ත්‍රිකයේ ස්ථා කිහිපයක වැසි ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
>> Read More

බදියුදීන්ගේ විශ්වාසභංගයේ විවාදයට දින ලබාගැනීම, විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද.. (Thu, 23 May 2019)
කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම පක්ෂ නායක රැස්විම පැවැත්වෙන අතර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව මේ වන විට ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය සදහා දින ලබාගැනීමේ අරමුණින් මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම කැදවා තිබේ.
>> Read More

අමාත්‍ය පාඨලීට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් වන්නැයි සිතාසි.. (Thu, 23 May 2019)
ලබන ජූනි මස 07 වනදා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට ඉදිරිපත් වන ලෙස දන්වමින් මහනගර සංවර්ධන හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට සිතාසී නිකුත් කර ඇති බව වාර්තා වේ. විදුලි බල මණ්ඩලය විසින් විදුලිය මිලදී ගැනිමේ දී සිදුවන ලද බව පැවසෙන වංචා සහ දුෂණ සම්බන්ධයෙන් කර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා [...]
>> Read More

ගංජා කිලෝ ග්‍රෑම් 93 ක් බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු දැලේ.. (Thu, 23 May 2019)
ගංජා කිලෝ ග්‍රෑම් 93 යි ග්‍රෑම් 70 ක් පුද්ගලික බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම පොලිස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මන්නාරම, තිරිකේදීස්වරන් හන්දියේදී බස් රථයක් පරීක්ෂා කිරීමේදී අදාළ ගංජා තොගය සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සැකකරු අද (23) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මන්නාරම [...]
>> Read More

හෙරොයින් සමග පුද්ගලයෙකු හෝමාගමදී දැලේ.. (Wed, 22 May 2019)
ඊයේ (21) රාත්‍රි කාලයේ සිදුකරන ලද වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 300 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අනාවරණය කර සිටියි. හෝමාගම, හබරකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති මෙම සැකකරු 27 හැවිරිදි වියේ පසුවන්නෙක් වන අතර මිය ගිය පුද්ගලයෙකුගේ රියදුරු බලපත්‍රයක් භාවිතා කරමින් යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරු අද [...]
>> Read More

මිනුවන්ගොඩ සිද්ධියේ අත්අඩංගුවට ගත් පිරිසකට ඇප.. (Wed, 22 May 2019)
මිනුවන්ගොඩ ප්‍රදේශය ආශ්‍රිතව පසුගියදා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද තිස් දෙදෙනෙකු ඇප හිමිව ඇති බව වාර්තා වේ. අදාළ නොසන්සුකාරී තත්ත්වයන්ට සම්බන්ධ බවට සැකකරමින් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද පිරිස අතරින් අද (22) දින අධිකරණයට ඉදිරිපත් කරන ලද පිරිසකට මෙසේ ඇප හිමිව තිබේ.
>> Read More

මිනුවන්ගොඩ නොසන්සුන්තාවය අතරතුර මධුමාධව අරවින්ද ගමන්කළ බවට සැක වාහනයක් අත්අඩංගුවට.. (Wed, 22 May 2019)
පසුගිය දිනයකදී මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ නොසන්සුන්තාවයක් ඇතිවූ අවස්ථාවේ එම ප්‍රදේශය තුළ පිවිතුරු හෙළ උරුමයේ ජාතික සංවිධායකවරයා වන මධුමාධව අරවින්ද මහතා ගමන් කරමින් සිටි බවට සැක සහිත වාහනයක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. කිරිල්ලවල, වෑබඩ ප‍්‍රදේශයේ නිවසක තිබියදී අදාළ වාහනය පොලිස් භාරයට ගෙන ඇති අතර වාහනයේ හිමිකරු පලා ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර [...]
>> Read More

අන්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ බවට සැක පුද්ගලයෙකු STF දැලේ.. (Wed, 22 May 2019)
අයි.එස්. සංවිධානයේ මතවාදයන් අනුව කටයුතු කරමින් අන්තවාදී ක්‍රියාවන්ට යම් සම්බන්ධතාවයක් දක්වන බවට සැකසහිත පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. කල්මුණේ, මරදමුණ ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී අන්තවාදී අදහස් අන්තර්ගත ග්‍රන්ථයක්, ඩී.වී.ඩී. තැටියක් සහ ජංගම දුරකතනයක් ද අත්අඩංගුවට ගෙන තිබේ. කල්මුණේ පොලිස් ස්ථානය විසින් වැඩිදුරටත් [...]
>> Read More

ග්‍රෑන්ඩ්පාස්හිදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අයෙකු මරුට, දෙදෙනෙක් රෝහලේ.. (Wed, 22 May 2019)
ඊයේ (21) රාත්‍රි කාලයේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස්, පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් මත ඊයේ රාත්‍රි 1030 ට පමණ ග්‍රෑන්ඩ්පාස්, වෙහෙරගොඩැල්ල, කම්බි තොටුව ප්‍රදේශයේ දී මෙම ගැටුම සිදුව ඇති අතර එහිදී තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් [...]
>> Read More

දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද සිට නඩු විමසීම් අරඹයි.. (Wed, 22 May 2019)
බරපතල මූල්‍ය වංචා සම්බන්ධයෙන් වන නඩු විභාග කිරීම වෙනුවෙන් පිහිටුවන ලද දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (22) සිට අදාළ නඩු විමසීම් ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. කොළඹ මහාධිකරණය අංක 01 ශාලාවේදී මෙම නඩු විමසීම සිදුවන අතර මෙම විශේෂ මහාධිකරණය සඳහා ආර්. ගුරුසිංහ, ශෂී මහේන්ද්‍රන් සහ අමල් රනරාජ යන මහාධිකරණ විනිසුරුවරුන් පත්කර තිබේ.
>> Read More

සංඥා දෝෂයක් නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්.. (Wed, 22 May 2019)
අද (22) පෙරවරුවේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති අතර මේ හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් ප්‍රමාද වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. සංඥා පද්ධතිය තුළ ඇතිවූ දෝෂයක් හේතුවෙන් කැළණිය සහ කොළඹ කොටුව අතර දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ. මේ වන විට අදාළ දෝෂය යථා තත්ත්වයට පත්කර ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර [...]
>> Read More

ස්කොට්ලන්තය සමග දෙවන තරගයේ ජය ශ්‍රී ලංකාවට.. (Wed, 22 May 2019)
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර ඊයේ (21) පැවති දෙවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 35 ක ජයක් ලබාගන්නා ලදී. කාසිය වාසිය දිනූ ස්කොට්ලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් මුලින් පන්දුවට පහරදුන් හිමිකර ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 08 ක් දැවී ලකුණු 322 ක් ලබාගන්නා ලදී. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් [...]
>> Read More

මේ වන විට රටට අවශ්‍යව ඇත්තේ දියාරු ආණ්ඩුවක් නොව ශක්තිමත් ආණ්ඩුවක් – යුතුකම සංවාද කවය (Tue, 21 May 2019)
මේ වන විට රට ඉතා අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇති අතර රටට හිමිකරුවෙකු නොමැති ආකාරයක් පෙනී යන බවත් රටට අවශ්‍යව ඇත්තේ දියාරු ආණ්ඩුවක් නොව ශක්තිමත් ආණ්ඩුවක් බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අවධාරණය කර සිටියි. ඊයේ (20) යුතුකම සංවාද කවය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළකරන ලදී. මෙහිදී වැඩිදුරටත් සිය අදහස් [...]
>> Read More

විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යයන කටයුතු ඇරඹෙයි.. (Tue, 21 May 2019)
පසුගිය දා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග රටතුළ ඇතිවූ අනාරක්ෂිත තත්ත්වය හමුවේ අධ්‍යයන කටයුතු අත්හිටුවන ලද විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යයන කටයුතු අද (21) සහ හෙට (22) යන දෙදින තුළ ආරම්භ වීමට නියමිතව ඇත. ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම, සම සෞඛ්‍ය සහ වෛද්‍ය පීඨ වල අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කෙරෙනු ඇත. එමෙන්ම පශු වෛද්‍ය පීඨයේ පළමු සහ [...]
>> Read More

මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය ගැන කරුණු දැක්වීමට රාජ්‍ය ආයතන 4 ක ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට.. (Tue, 21 May 2019)
මේ වන විට මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා රාජ්‍ය ආයතන 4 ක ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යන ආයතන වල නියෝජිතයින් අද (21) පස්වරු 02.30 ට කෝප් [...]
>> Read More

ආණ්ඩුවට එරෙහි ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදෙයි.. (Tue, 21 May 2019)
වත්මන් ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදී ඇති බව වාර්තා වේ. මීට සුළුමෙහොතකට පෙර විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට ලබාදී ඇත. ජනතා විශ්වාසය කඩකරමින් වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවට චෝදනා කරමින් මෙම විශ්වාසභංග යෝජනාව ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි.
>> Read More

රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එරෙහි නඩුව කල්යයි.. (Tue, 21 May 2019)
ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සදහා රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට එරෙහිව ගොනු කරන ලද නඩුව යළි ලබන 23 වැනිදා කැදවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියෝග කර ඇත. අදාළ නඩුව අද (21) විභාගයට ගනිමින් අධිකරණය විසින් මෙම [...]
>> Read More

ප්‍රදේශ කිහිපයකින් හෙරොයින් සමග පුද්ගලයින් පහක් අත්අඩංගුවට.. (Tue, 21 May 2019)
හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. රට පුරා සිදුකරන ලද මෙහෙයුම්වලදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට පත්ව ඇති අතර වීරගුල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්, වීරගුල දෙමටලන්ද ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 150 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (20) අත්අඩංගුවට [...]
>> Read More

ශී‍්‍ර ලංකා – ස්කොට්ලන්ත දෙවන එක්දින කි‍්‍රකට් තරගය අද.. (Tue, 21 May 2019)
සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින කි‍්‍රකට් තරගය අද (21) පැවැත්වීමට නියමිතව ඇත. වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා ශී‍්‍ර ලංකා – ස්කොට්ලන්ත පළමු එක්දින කි‍්‍රකට් තරගය අතහැර දැමීමට සිදුවිය. ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ආරම්භයට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායම මුහුණ දෙන අවසන් තරගයද මෙම තරගය වන අතර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය [...]
>> Read More

සිම් කාඩ්පත් 1475 ක් කොච්චිකඩේ කැළෑ ප්‍රදේශයකදී අත්අඩංගුවට.. (Tue, 21 May 2019)
කොච්චිකඩේ, කැළෑ ප්‍රදේශයක තිබී පොහොර උරයක දමා තිබූ සිම් කාඩ්පත් 1475 ක් සොයාගැනීමට පොලිසියට හැකිවී ඇති බව වාර්තා වේ. කොච්චිකඩේ, ඕවිටියාව, මාඔය අසළ කැළැ ප්‍රදේශයක මෙම සිම් කාඩ්පත් සහිත පොහොර බෑගය හමුව ඇති අතර එම සිම් කාඩ්පත් පුද්ගලික සමාගමකට අයත් ඒවා බව අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කොච්චිකඩේ පොලිසිය මගින් සිදුකරන බවත් [...]
>> Read More

සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය තත්ත්වයට.. (Tue, 21 May 2019)
අද (21) දිනය තුළ පාසල් වෙත සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ. ඒ අනුව අද දිනයේ සිසුන් පාසල් වෙත පැමිණීම ඉහළ අගයක් ගෙන ඇති බව සදහන් වේ. කෙසේ වෙතත් ආරක්ෂක අංශ විසින් පාසල් කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටියි.
>> Read More

ප්‍රතිත්‍රස්ත පනත සම්මතකර ගැනීමට කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර (Mon, 20 May 2019)
කිසිදු විටක ප්‍රතිත්‍රස්ත පනත සම්මතකර ගැනීමට ඉඩ ලබානොදෙන බවත් මෙම පනත කඩිනමින් සම්මත කර ගැනීමේ දැඩි වුවමනාවක් ඇත්තේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට පමණක් බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමරවීර මහතා මෙම අදහස් පළකර ඇති අතර එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ප්‍රතිත්‍රස්ත [...]
>> Read More

වත්මන් ආණ්ඩුව ජනතා විශ්වාසය කඩකරලා, ජ.වි.පෙන් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක්.. (Mon, 20 May 2019)
ජනතා විශ්වාසය කඩකර ඇති වත්මන් ආණ්ඩුවට එරෙහිව හෙට (21) දිනයේදී විශ්වාසභංග යෝජනාවක් කථානායකවරයාට භාරදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසා සිටියි. වත්මන් ආණ්ඩුව සහ අග‍්‍රාමාත්‍යවරයා කෙරෙහි රටේ ජනතාව තැබූ විශ්වාසය මේ වන විට කඩකර තිබෙන බවත් ඒ අනුව මෙම විශ්වාසභංගය ගෙන එන බවත් ජනතා විමුක්ති පෙරමුණ වැඩිදුරටත් අනාවරණය කර සිටියි. එමෙන්ම අදාළ විශ්වාසභාංග යෝජනාව සම්බන්ධයෙන් හෙට (21) [...]
>> Read More

සේනා දළඹුවාගෙන් හානි වූ වගාවන් වෙනුවෙන් ලැබිය යුතු වන්දි මුදල් නිසි පරිදි ලැබී නෑ – සමස්ත ලංකා ගොවිජන සම්මේලනය (Mon, 20 May 2019)
පසුගිය කාලය තුළ මහත් ආන්දෝලනයකට ලක්වූ සේනා දළඹු වසංගතයෙන් හානි වූ බෝග වගාවන් වෙනුවෙන් ලැබිය යුතු වන්දි මුදල් ගොවීන් බහුතරයකට ලැබී නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනාවරණය කර සිටියි. අදාළ වන්දි මුදල් ලබාදීමේදී බලධාරීන් විසින් යම් අක‍්‍රමිකතා සිදුකර තිබෙන බවට ද එම සම්මේලනය චෝදනා කර සිටියි. මෙම තත්ත්වය පිළිබදව දැඩි අවධානය යොමුකර ගොවීන්ට හිමි [...]
>> Read More

අනියත බියකින් තොරව සුපුරුදු ලෙස කටයුතු කරන්න, කථානායකවරයාගෙන් ඉල්ලීමක්.. (Mon, 20 May 2019)
අනියත බියක් ඇතිකර නොගෙන සිය දෛනික කටයුතු වල නිරත වන ලෙසත් අධ්‍යාපන කටයුතු සදහා දරුවන් පාසල් වෙත එවන ලෙසත් කථානායක කරූ ජයසුරිය මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරසිටියි. මේ වන විට රටතුළ සාමකාමී වතාවරණය පවතින බවත් එම තත්ත්වය ඉදිරියට ගෙන යමින් ඇතැම් පිරිස් විවිධ අසත්‍ය ප්‍රචාර සිදුකරමින් සිටින බව ජනතාව මේ වන විට අවබෝධ කරගෙන තිබෙන [...]
>> Read More

කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් වැඩ වර්ජනයක (Thu, 19 Feb 2015)
altකොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා , කලා , කළමණාකරන සහ අධ්‍යාපන පීඨවලට අයත්අයත් ආචාර්යවරුන් අද වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.   උපකුලපතිවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වැන්නැයි බලකරමින් එම වැඩ වර්ජනය ආරම්භ කළ බව ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය දේවක වීරකෝන් මහතා පැවසීය.
>> Read More

සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාට අධිචෝදනා බාරදෙයි (Thu, 19 Feb 2015)
altවෙලේ සුදා නොහොත් සමන්ත කුමාර අද (19) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ අතර නඩු විභාගය මාර්තු 23 දක්වා කල් තැබීමට විනිසුරු දේවිකා දි ලිවේරා තෙන්නකෝන් මහත්මිය නියෝග කළාය. ඔහු අද මහාධිකරණය හමුවේ පෙනී සිටියේ මාස 6කින් රුපියල් කෝටි 17කට අධික මුදලක් උපයාගත් බවට වන චෝදනාව සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව සදහාය. එහිදී ඔහුට එරෙහිව පවතින අධිචෝදනා පත්‍රයද භාරදුන්නේය. එසේම ඔහු තවදුරටත් රහස් පොලීසියේ තබාගෙන ප්‍රශ්න කිරීමටද මහාධිකරණ විනිසුරුවරිය අවසර දුන්නේය.   (Sri Lanka Mirror)
>> Read More