සිංහල පුවත් පැය විසි හතරම ලද සැනින්

Defence LK News (Last 15 Posts)

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

වවුනියාවෙ වැව්වල ඇති ඡලජ ශාක ඉවත් කෙරේ
හදිසි නීතිය යලිත් මසකින් දීර්ඝ කිරීම සඳහා වු යෝජනාව ඊයේ (2010 මාර්තු 09) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මතව ඇත.
>> read more

හදිසි නීතිය යලි මසකින් දීර්ඝ කරයි . . .
හදිසි නීතිය යලිත් මසකින් දීර්ඝ කිරීම සඳහා වු යෝජනාව ඊයේ (2010 මාර්තු 09) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මතව ඇත.
>> read more

ගුවන් හමුදාපති හා ඉන්දුනීසියානු ආරක්ෂක උපදේශක අතර සුහද හමුවක්
ඉන්දුනීසියානු සමූහ ආණ්ඩුවේ ආරක්ෂක උපදේශක වන කර්නල් (නාවික) අයි. පුට්ටු ආර්යා ඇන්ගා සුඅර්ධිකා මහතා ඊයේ (2010 මාර්තු 09) දින උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
>> read more

2016 සංචාරක ඉලක්කය මිලියන 2.5ට ළගාවිය හැකි තත්ත්වයක
වසර 2016 වනවිට ශ්‍රී ලංකාව බලාපොරොත්තුවන සංචාරක පැමිණීම මිලියන2.5 ඉලක්කයට පහසුවෙන් ළගා විය හැකි බව ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
>> read more

ත්‍රස්තවාදය ශක්තිමත් කිරිමේ දේශීය හා විදේශීය බලවේග පරාජය කළ යුතුයි - අග්‍රාමාත්‍ය
අපේ රටට ව්රුද්ධව ක්‍රියා කරන ඇතැම් ජාත්‍යන්තර බලවේග විසින් මෙරටට එරෙහිව විදේශවල සිටින එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ශක්තිමත් කිරීමේ උත්සාහයක නිරත වී සිටින බව අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ඊයේ (මාර්තු 09 දින) පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින් පැවසීය.
>> read more

උතුරු නැගෙනහිරට රක්ෂණ කාර්යාල 42ක්
ත්‍රස්තවාදය අවසන් වීමත් සමඟ උතුරු නැගෙනහිර පළාත්වල මේ වන විට රක්ෂණ ශාඛා කාර්යාල 42ක් ස්ථාපිත කර තිබෙන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති උදය ශ්‍රී කාරියවසම් මහතා පැවසීය.
>> read more

සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යලිත් රට පුරා සම්මන්ත්‍රණ මාලාවක්
දේශපාලන වේදිකාව සක්‍රීයව පවතින විශේෂයෙන්ම අපේක්ෂකයින් මනාප ගැන උනන්දුවන මොහොතක රටේ ජාතික ආරක්ෂාව හා බද්ධවන සුරක්ෂිත අනාගතයක් ගැන කථීකාවක් නිර්මාණය කෙරෙන සම්මන්ත්‍රණ මාලාවක් ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් රටපුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ලේ මහතා පවසයි.
>> read more

යුද හමුදාව හා සිවිල් ඡනතාව අතර සමිබන්ධතාවයන් දියුණු කිරිමට යුදහමුදාව ක්‍රියා කරයි
යාපනයේ ඡනතාව සහ යුදහමුදාව අතර සමිබන්ධතා දියුණු කිරිමේ අරමුණින් සිවිල් කටයුතු හා මහඡන සමිබන්ධිකරන කාර්යාලයක් යාපනයේ විවෘත කිරිමට යුදහමුදාව කටයුතු කර ඇත.
>> read more

නැගෙනහිර පළාත සදහා සංචාරක ක්‍රියාකාරී සැලැස්මක්
නැගෙනහිර පළාතේ සංචාරක කටයුතු නංවාලීම සදහා සංචාරක අමාත්‍යාංශය විසින් සංචාරක කටයුතු පිළිඹද සංවර්ධන ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට තීරනය කර ඇත.
>> read more

ශ්‍රී ලංකාවේ අවතැන්වූවන් සදහා ඉංදියාවෙන් තවදුරටත් උදව් උපකාර
ශ්‍රී ලංකාවේ අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සදහා අවශ්‍ය අමතර ආධාර සදහා මෙරට විසින් කරන ලද ඉල්ලීම පිළිඹදව ඉංදියාව විසින් සලකා බලන බව ඉංදීය විදේශ කටයුතු භාර අමාත්‍ය එස් එම් ක්‍රිෂ්ණා විසින් ප්‍රකාෂ කර ඇත.
>> read more

"සීගිරිය රැළි ක්‍රොස් 2010" ප්‍රවේගකාරී තරගාවලියක නිමාව
ශ්‍රී ලංකා ගුවන් හමුදාව , ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ හා යතුරු පැදි ධාවකයින්ගේ සංවිධානය සමග එක්ව දෙවන වරටත් සංවිධානය කළ සීගිරිය රැළි ක්‍රොස් 2010 දෙස් විදෙස් තරගකරුවන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා (07 මාර්තු 2010) ගුවන් හමුදා සීගිරිය කඳවුරු ධාවන පථයේදී සාර්ථක ලෙස නිමාවට පත්විය.
>> read more

කටුනායක, මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගය යළි විවෘතයි
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආරක්ෂාව මුල් කර ගනිමින් දීර්ඝ කාලයක් වසා දමා තිබුණු කටුනායක, නයිකන්ද මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගය අද සිට යළි විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.
>> read more

එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වී ගිය පුස්තකාල වැඩි දියුණු කෙරේ
එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශකරන ලද සියළුම පුස්තකාල නැවත සංවර්ධනය කිරීම සඳහා වූ විශේෂ වැඩපිළිවෙලක් “උතුරු වසන්තය” වැඩසටහන යටත් ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලය විසින් ආරම්භ කර ඇත.
>> read more

මානව හිමිකම් කමිටුවක් පත්කිරීම සම්බන්ධව ජගත් මහලේකම්ගේ යෝජනාව ජනාධිපති ප්‍රතික්ෂේප කරයි
මානුෂීය මෙහෙයුම පැවති කාලය තුළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවී ඇතිද යන කරුණ සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට...
>> read more

කොකාවිල් රූපවාහිනි කුළුණ රුපියල් මිලියන 220කින් යථා තත්වය ගෙන එයි
පසුගිය කාලයේ කොටි ත්‍රස්තවාදීන් විසින් මුළුමනින්ම විනාශ කළ උතුරේ කොකාවිල් ප්‍රදේශයේ පිහිටි රූපවාහිනි විකාශන කුළුණ රුපියල් මිලියන 220ක වියදමින් නැවත ඉදි කිරීමේ කටයුතු මේ වන විට සම්පුර්ණ වෙමින් පවතින බව වාර්ත‍ා වේ.
>> read more

Powered by Department of Government Information-Sri Lanka

ප්‍රවෘත්ති නිවේදනය
අමාත්‍ය මණ්ඩල තීරණ - 10.03.2010ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්‍යාපෘතිය II අදියර ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්‍යාපෘතිය II අදියර සඳහා...
>> read more

රත්නපුරේ සෑම නිවසකට .....
මේ වසර අවසන් වන විට රත්නපුරේ සෑම නිවසකට විදුලිය -විදුලිබල ඇමති මෙම වසර අවසන් වනවිට ‘ලයිටින් රත්නපුර’ විදුලි ව්යා පෘතිය...
>> read more

රන්මිණිතැන්න.....
රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය 30 වනදා කලාකරුවන‍් අතට හම්බන්තොට රන්මිණිතැන්න ප්‍රදේශයේ ඉදිකෙරෙන ටෙලි සිනමා ගම්මානය කලාකරුවන් අතට පත්කිරීම මෙම...
>> read more

එජනිසයේ ජනාධිපති...
එජනිසයේ ජනාධිපති එක්වන ජනරැළි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි...
>> read more

එජනිසට 2/3ක්...
එජනිසට 2/3ක් ලැබීම ස්ථීරයි-දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය සියලු සන්ධාන අභිබවා යන ප්‍රබල සන්ධානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වටා...
>> read more

Sirasa News (Ethalaya)

පිවිසුම

"බොරු පෝස්ටර් ඇලවීමෙන් ප්‍රයෝජනයක් නැහැ" - අමුණුගම
!!WARN_FL1!! // මාර්.10-ලොකුම ප්‍රචාරක යන්ත්‍රය ජනතාව බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය සරත්අමුණුගම මහතා පැවසීය. බොරු පෝස්ටර් ඇලවීමෙන් ප්‍රයෝජනයක් නොමැති බව අමුණුගම මහතා වැඩිදුරටත් සදහන් කළේය.
>> read more

මැදවච්චියේ වැවක් අසළින් බිළිදු මළ සිරුරක්
මාර්.10-මැදවච්චිය ඉකිරිගොල්ලෑව වැවක් ආසන්නයේ තිබී දින කිහිපයක් වයසැති දැරියකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
>> read more

පළමු පාසල් වාරය අප්‍රේල් 06වෙනි දිනෙන් අවසන්
මාර්.10-2010 වසරේ පළමු පාසල් වාරය අප්‍රේල් 06වෙනි දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.
>> read more

වෙල්ලමුල්ලි වෛයිකාල් ප්‍රදේශයෙන් යුධ උපකරණ තොගයක් සොයා ගැනේ
මාර්.10-වෙල්ලමුල්ලි වෛයිකාල් ප්‍රදේශයේ දි සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදි යුධ උපකරණ තොගයක් සොයාගෙන තිබේ.
>> read more

උසස් පෙළ සිසුන්ට කඩිනමින් හැදුනුම්පත් ලබා දීමට පියවර
මාර්.10-අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා පෙනි සිටින සිසුන්ට කඩිනමින් ජාතික හැදුනුම්පත් ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි  පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් දෙපාර්තමෙන්තුව පැවසීය.
>> read more

Other Sinhala News

-

Lankatruth

කුරුණෑගලදීත් මංගලට එ.ජා.පෙ.න් කැපිලි
එක්සත් ජාතික පෙරමුණ යටතේ මෙවර මහ මැතිවරණයට තරග වදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශ්වයට කුරුණෑගල දිස්ත්‍රික්කයේදීද එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්ගෙන් බාධා එල්ලවෙමින් ඇති බව වාර්තාවේ. මෙහි පළමු වැන්න ඊයේ ගලිගමුවේදී වාර්තාවිය. ‍‍   මැතිවරණ කටයුතු කිරීමට පළමුව ආගමික වතාවත් ඉටුකොට ආශිර්වාද ලබා ගැනීම සඳහා ගලිගමුව පන්සල වෙත යමින් සිටි එක්සත් ජාතික පෙරමුණේ ගලිගමුව ආසන සංවිධායක සහ මෙවර මහා මැතිවරණයේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ අපේක්‍ෂිකා උපුලාංගනී මාලගමුව මහත්මිය ඇතුළු ඇයගේ ආධාරකරුවන් පිරිසකට ‍ඊයේ  දහවල් දැදුරු ඔය පාලම අසලදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක මොහාන්ගේ ආධාරකරුවන් පරිසක් විසින් පහරදී ඇත.   උපුලාංගනී මාලගමුව මහත්මිය ගලිගමුව ආසනයේ එජාපෙ සංවිධායක ලෙස පත් කිරීමට පෙර එම තනතුර අරා ඇත්තේ මොහාන් නැමැත්තාය. මෙවර මහ මැතිවරණයට මොහන් ද එජාපෙ ලැයිස්තුවෙන් කුරුණෑගල දිස්ත‍්‍රික්කයට තරඟ වදියි.   මෙම පහරදීම සම්බන්ධයෙන් උපුලාංගනී මහත්මිය අඹන්පොළ පොලීසියට පැමිණිලි කර තිබේ. පහර කෑ පුද්ගලයන්ගෙන් එක් අයකුගේ තත්වය බරපතල බව වාර්තාවේ.   මෙවර මහ මැතිවරණයට එක්සත් ජාතික පෙරමුණ යටතේ තරග වදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයට මේ ආකාරයේ අත්දැකීම් කිහිපයකටම මුහුණ පෑමට සිදුවිය. මොණරාගල දිස්ත්‍රික්කයේදී එක්සත් ජාතික පෙරමුණු නාමයෝජනා පත්‍රයට ඇතුළත්කර තිබූ මහජන පාර්ශවයේ අපේක්ෂක තිසකුට්ටිආරච්චි මහතාගේ නම ඉවත්කර ඒ වෙනුවට වෙනත් අයෙකුගේ නම ඇතුළත් කර තිබුණි.  
>> read more

තවත් නාදුනන මළ සිරුරක් මාදින්නාගොඩ ...
  ජයවර්ධනපුර කෝට්ටේ මාදින්නාගොඩ පාලම යට තිබී නාදුනන මළ සිරුරක් හමුවූ බව වැලිකඩ පොලීසිය පවසයි. පොලීසිය පවසන ආකාරයට ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් ලැබුණු තොරතුරක් මත අද උදෑසන මෙම මල සිරුර සොයාගෙන තිබේ. මේවන තෙක් එම සිරුර හදුනාගෙන නොමැත.        
>> read more

පැස්කෝ එවීම ගැන ශ්‍රී ලංකා ජනාධිපති ...
ශ්‍රී ලංකාවේ වගවීමේ තත්ත්වයට අදාලව අදාලව තමන්ට උපදෙස් දීම සම්බන්ධයෙන් වූ මණ්ඩලයට අදාලව එත්සත් ජාතීන්ගේ දේශපාලන මණ්ඩල නියෝජ්‍ය මහ ලේකම් ලියන් පැස්කෝ මහතා ශ්‍රී ලංකාවට එවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැමැත්ත පළ කළ බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා නිව්යෝර්ක් නුවරදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.   ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට දුරකතනයෙන් ඇමැතූ අවස්ථාවේදී ලංකාවේ වත්මන් යුද්ධයේ අවසානයේ රජය එක්සත් ජාතීන් සමඟ අත්සන් කළ ඒකාබද්ධ ප්‍රකාශනයට අදාලව අත්සන් කළ කරුණු පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බවත් මූන් මහතා වැඩිදුරටත් පවසා ඇත.   "දේශපාලන සමගි සන්ධානයක් කරා ගමන් කිරීමත්, අභ්‍යන්තර අවතැන්වූවන්ගේ තත්ත්වය පිළිබඳවත් වගකිවයුතු ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් මම ශ්‍රි ලංකා ජනාධිපතිවරයා හා සාකච්ඡා කළා. මම කණස්සල්ලට පත් වනවා පසුගිය වසරේ ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන් අතර ඇති කර ගත් ඒකාබද්ධ ප්‍රකාශනයේ සඳහන් කරුණූ ක්‍රියාත්මක කිරීමේදී ප්‍රගතියක් දක්නට නොලැබීම පිළිබඳව. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දන්වා සිටියා ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන ප්‍රමිතීන් හා දර්ශක පිළිබඳව උපදෙස් දීමට මණ්ඩලයක් පත් කරන බවට. එහිදී එක්සත් ජාතීන්ගේ දේශපාලන මණ්ඩලය පිළීබඳ නියෝජ්‍ය මහ ලේකම් ලියන් පැස්කෝ මහතා ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට එවීමටත් අප එකඟ වුණා." මෙහිදී මහ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
>> read more

ශිරාලුත් TID යට කැඳවයි
එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ශිරාල් ලක්තිලක මහතා අද උදෑසන 9.30 ට ප්‍රශ්න කිරීම සඳහා කොළඹ ත්‍රස්තවිමර්ශන ඒකකයට කැඳවා ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරණ සමයේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දැක්වීම සම්බන්ධයෙන් හා ජනරාල් සරත් ෆොන්සේකා මහතා සමඟ පැවැත්වූ සබඳතා හේතුවෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කරන බව වැඩිදුරටත් වාර්තා වේ. කෙසේ වෙතත් මෙම ප්‍රශ්න කිරීම් සම්බන්ධයෙන් මේ වන විට ශිරාල් ලක්තිලක මහතා මේ වන විටත් කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රශ්න කෙරෙමින් පවතී.     මේ වන විට ත්‍රස්ත විමර්ශන ඒකකය හා රහස් පොලිසිය විසින් ජනරාල් සරත් ෆොන්සේකා මහතා සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් ගණනාවක් ප්‍රශ්න කිරීමට ලක් කර ඇත. නමුත් ගැටළුව වන්නේ මේ රටේ සෘජුවම කොටි ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පැවැත්වූ ඇමැතිවරුන් හා ත්‍රස්තවාදයට සෘජු ලෙසම සම්බන්ධ වූ පුද්ගලයින් ගණනාවක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී තිබියදී ඒ කිසිවෙකුගෙන් ප්‍රශ්න නොකොට ජනරාල් සරත් ‍ෆොන්සේකා මහතාට සහයෝගය දැක්වූ පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කිරීමයි.
>> read more

මැකොගේ තක්සේරුවට අනුව ඡන්දයක ...
එක් ඡන්දදායකයෙකුගේ එක් ඡන්දයකට ශත 50 බැගින් 2004 මහ මැතිවරණයේදී 1% කට වඩා ඡන්ද ලබා ගත් සියලුම පක්ෂවලට ලබාදීමට මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා තීරණය කර ඇත. ඒ මහතා මෙම තීරණය ගෙන ඇත්තේ මැතිවරණ නීතියට අනුව පක්ෂවලට ආධාර මුදල් ලබාදීමේ නීතියට අනුවය.   පසුගිය මහ මැතිවරණයේදී සියයට එකකට වඩා ඡන්ද ප්‍රතිශතයක්‌ ලැබූ පක්‍ෂවලට පමණක්‌ මෙම ආධාර මුදල් ලබාගැනීමේ හිමිකම පවතින අතර, එක්‌ ඡන්දයකට ශත පනහ බැගින් ලබාගත් ඡන්ද සංඛ්‍යාවට ආධාර මුදලක්‌ පක්‍ෂයකට හිමිවේ. ආධාර මුදල් හිමිවන්නේ පසුගිය මැතිවරණයට ඉදිරිපත් වූ පක්‍ෂය හා ලාංඡනයෙන්ම මෙවර ද තරග කරන්නේ නම් පමණක්‌ බවට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර ඇත. මෙම ආධාර මුදල ලබාගැනීමට කිසිදු පක්‍ෂයක්‌ මෙතෙක්‌ ඉල්ලුම් කර නැතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාලයීය නිලධාරියෙකු පැවසීය.
>> read more

අගුණකොළයේ අනතුරෙන් නිරුවත්වූ ...
  ඊයේ අලුයම අගුණකොළපැලැස්ස ප්‍රදේශයේදී බීමත්ව අධික වේගයෙන් රිය පදවා සිදුවූ අනතුරක් හේතුවෙන් නිල් බලකායේ සාමාජිකයින් සිවු දෙනෙකු මියගිය බව අප වාර්තා කළේය. එම සිවුදෙනාට මරු කැදවූ කැබ් රථය නිල් බලකායට ලැබී ඇති ආකාරය මේවන විට අප වෙත තොරතුරු සහිතව වාර්තාවී තිබේ.   එම තොරතුරුවලට අනුව මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තුවට අයත් HB 5048 දරණ කැබ් රථයයි. එය නිල් බලකායට ලැබී ඇත්තේ ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයකුවන දීෂන් ගුණසේකර අණ පරිදිය. ජනාධිපති ආර්යාවගේ සමීපතම ඥාතියකුවන ඔහු  2005 ජනාධිපතිවරණයෙන් පසුව මෙම තනතුරට පත්ව තිබේ.   අනතුරට පත් කැබ් රථයට අමතරව ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තුවට අයත් HB 5095සහ 52 - 2281 දරණ කැබ් රථද මේ දිනවල පරිහරණය කරන්නේ නිල් බලකායේ අවශ්‍යතා ‍සදහාය. මීට අමතරව නියොමාල් ගුණසේකර අමාත්‍යවරයාගේ පරිහරණය සදහා එම දෙපාර්තමේන්තුවට අයත් 65 - 2877 ප්‍රාඩෝ රථය  ලබාදී තිබේ. එය පසුගියදා අනතුරකට පත්ව දෙපාර්තමේන්තුවේ වියදමින් අලුත් වැඩියාකර නැවත අමාත්‍යවරයාටම ලබාදී ඇත.   මින් පෙනී යන්නේ රටේ ආඩම්බරකාර තාත්තාගේ පුතා සාඩම්බර ලෙස රාජ්‍ය දේපල සිය මැතිවරණ කටයුතු සදහා යොදවමින් ඇති ආකාරයයි. මෙය හෙළිදරව්වූ පමණින් ඔහු එය නතර නොකරනු ඇත නමුත් මෙය හෙළිදරව්වීම මැතිවරණ කොමසාරිස්වරයාගේ ආතතිය තවත් වැඩිවීමට හේතුවක් ‍වනු ඇති බව නම් නොඅනුමානය.    
>> read more

ජෙනරාල් නිදහස් කරන්නැයි බලකර ...
  යුද හමුදා අත්අඩංගුවේ රදවා තබාගෙන සිටින හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා රජයට බල කරමින් ඉතාලියේ නාපෝලි නගරයේ පසුගියදා මාර්තු 07 වනදා විරෝධතා පාගමනක් සංවිධානය කර තිබිණි. මේ උද්ඝෝෂණය ජෙනරාල් වරයාව අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඉතාලිය තුල පවත්වන්නට යෙදුන උද්ඝෝෂණ මාලාවේ තුන්වැන්න බව එහි සංවිදායකයෝ පවසයි.   ”ශී‍්‍රී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ව්‍යාපාරය-ඉතාලිය” සංවිධානය විසින් මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණි. එහිදී විරෝධතාකරුවන් ජෙනරාල් සරත් ෆොන්සේකා වහා නිදහස් කරන ලෙසත්, මාධ්‍ය නිදහස, රැස්වීමේ නිදහස ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා ආණ්ඩුවට බලකරන විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් විරෝධතාවයේ නිරත වූහ. ඉතාලි ජාතිකයන් දැනුවත් කිරීමේ පති‍්‍රකා බෙදමින් සටන්පාඨ තව දුරටත් කියවන්න... (http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5863:2010-03-09-11-13-36&catid=35:2008-10-13-08-30-14&Itemid=63)
>> read more

තිස්ස බලහත්කාරයෙන් ගැනීමට එරෙහිව ජ. ...
තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව බලහත්කාරී ලෙස දකුණු පළාත් සභාවට යටතට ගැනීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනු කළේය. ජනතා විමුක්ති පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා ඇතුළු පිරිසක් විසින් මෙම නඩුව ගොනු කළ අතර, නීතිඥ මංජුල බාලසූරි හා සුනිල් වටගල යන මහත්වරුන් මේ වෙනුවෙන් පෙනී සිටියහ.   20002 වසරේ සිට 2010 වසර දක්වා අඛණ්ඩ ලෙස ජනතා විමුක්ති පෙරමුණ විදියට අපි තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ පාලනය ගෙනිච්චා. වංචාව දූෂණය අහෝසි කරපු එකම ප්‍රාදේශීය සභාව තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව කියල අපි ආඩම්බරයෙන් කියන්න කැමතියි. මේ ඉතාමත් නිවැරදි පාලනය දකින්න බැරි රාපක්ෂ පාලනය හා ඔහුගේ ගෝල බාලයෝ මේ වන විට තව දුරටත් කියවන්න... (http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5862:2010-03-09-10-53-25&catid=35:2008-10-13-08-30-14&Itemid=63)
>> read more

ජ.වි.පෙ. හදිසි නීතියට විරුද්ධ වෙයි
මේවන විට ආණ්ඩුව හදිසි නීතිය භාවිතා කරමින් තිබෙන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමිකිරීම සදහා බැවින් ජනතා විමුක්ති පෙරමුණ මෙවර හදිසි නීතියට එරෙහිව ඡන්දය භාවිතාකරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.   එහිදී අදහස් දැක්වූ හදුන්නෙත්ති මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ යුද්ධය අවසන්වී මාස 8කට වඩා ගතවී ඇති තත්වයක් තුළ හදිසි නීතිය තවදුරටත් අවශ්‍යවන්නේ කුමක් සදහාද යන්න ගැටළුවක් බවයි. එමෙන්ම මේවන විට හදිසි නීතිය භාවිතා කරමින් නව රැදවුම් කදවුරු 8ක් ප්‍රකාශයට පත්කර ඇති බවත් යුද වාතාවරණයක් නොමැති තත්වයක් තුළ එවැනි කදවුරුවල අවශ්‍යතාවය පිළිබද ගැටලුවක් පවතින බවද මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.   පසුගිය කාලය තුල විරුද්ධ පාක්ෂිකයන්ට එල්ලවූ මැර ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකළ පැමිණිලි කිසිවක් සම්බන්ධයෙන් මේවන තෙක් කටයුතු කර නොමැති බවත් එවැනි තත්වයක් තුළ හදිසි නීතිය හරහා සිදුවන්නේ මැරයින්ට බලපත්‍ර ලබාදීමක් පමණක් බවද ඒ මහතා පැවසීය.
>> read more

ජනතා විරෝධය හමුවේ ආණ්ඩුව දණ ගසයි ‍- ...
  මේවන තෙක් කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර යුද හමුදා අත්අඩංගුවේ රදවා තබාගෙන සිටින හිටපු යුද හමුදාපති, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා ආරම්භ කළ උපවාසය ඊයේ රාත්‍රියේදී අවසන් කර තිබේ. ඒ මහතා උපවාසය අත්හැරීමට තීරණය කර ඇත්තේ අනෝමා ෆොන්සේකා මහත්මිය රැගෙන එන ජංගම දුරකථනයෙන් සිය දියණියන්ට ඇමතුම් ලබාදීමට අවසර දීමෙන් අනතුරුවය.   ඊයේ සවස කොළඹ හයිඩ් පිටියේ පැවැත්වූ රැළියෙන් අනතුරුව රාත්‍රී 10.00ට පමණ ජංගම දුරකථනය සහ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට අවශ්‍ය ආහාරද රැගෙන ඔහුව බැලීම සදහා පැමිණෙන ලෙස අනෝමා ෆොන්සේකා මහත්මියට හමුදාව විසින් දැනුම්දී තිබේ. ඒ අනුව ෆොන්සේකා මහත්මිය දුරකථනය සහ රාත්‍රී ආහාර වේල රැගෙන ෆොන්සේකා මහතා හමුවීමට ගොස් ඇති අතර එහිදී ජෙනරාල්වරයා දුරකථනයෙන් දියණියන් දෙදෙනා අමතා අනතුරුව දින දෙකක් තිස්සේ තමන් ඇරඹූ උපවාසය අත්හැර ආහාර ලබා ගෙන තිබේ.   ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට දුරකථන පහසුකම් ඇතුළු තවත් පහසුකම් කිහිපයක්ම ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද නියෝගකර ති‍බියදී පසුගිය සෙනසුරාදා රාත්‍රියේ සිට ඔහුට දුරකථන පහසුකම් ලබාදීම අත්ත‍නෝමතික ලෙස නවතා තිබිණි. ඒ අනුව ඊට විරෝධය පළ කරමින් ජනරාල් සරත් ෆොන්සේකා මහතා පෙරේදා (ඉරිදා) පෙරවරුවේ සිට නිරාහාරව සිටිමින් උපවාසයක නිරත විය. ඉන් අනතුරුව ඊයේ හමුදාව විසින් දියණියන් දෙදෙනාට ඇමතීම සදහා දුරකථනයක් ලබා දුන්නද ජෙනරාල්වරයා එය ප්‍රතික්ෂේප කළේය.  
>> read more

රිය අනතුරකින් නිල් බලකායේ 4ක් මරුට
ඊයේ රාත්‍රියේදී අගුණකොලපැලැස්ස ප්‍රදේශ‍යේදී සිදුවූ රිය අනතුරකින් නිල් බලකායේ සාමාජිකයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ. අකුණකොලපැලැස්ස - වැටිය මාර්ගයේදී අනතුර සිදුව ඇත. බීමත්ව අධික වේගයෙන් ධාවනය කළ කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබේ.   සිද්ධියෙන් මියගොස් ඇත්තේ වීර කැටිය හකුවෙල තරංග සම්පත්, දෙනියාය පල්ගේම තිලක් ධම්මික අමරසිංහ, කටුවන අම්පොත් දෙනිය සාලිය රුවන් කුමාර, මාතර අකිල යන අයයි. මින් මාතර අකිල නැමැත්තා ප්‍රසිද්ධ මැරයකු බව පැව‍සේ.   මේ අතර පසුගිය දකුණු පළාත් සභා මැතිවරණයේදීද සන්ධානයේ ආධාරකරුවන් දෙදෙනෙකු මෙම ස්ථානයේදීම රිය අනතුරක් හේතුවෙන් මරුමුවට පත්වූ බව ප්‍රදේශවාසීන් පවසයි.  
>> read more

පොලීසියෙන් පැන ගිය පාතාල ...
  කුරුණෑගල බඩගමුව රක්ෂිතයේදී අද අළුයම සිදුවු වෙඩි හුවමාරුවකදී පාතාල සාමාජිකයින්දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ බ්ලූමැන්ඩල් හි සම්පත් සැඳැල්ල ඩයස් (උස සම්පත්) හා චරිත් චාමර චතුරංග (අහිංසක)යන අයයි.   පොලිසි මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන ආකාරයට ඊයේ රාත්‍රී ඔවුන් දෙදෙනා වැල්ලව පොලිස් සිර මැදිරියෙන් පැන බඩගමුව මූකලානේ පාළු නිවසක සැඟවි සිටිද්දී අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහිදී පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාර‍ හේතුවෙන් ඔවුන් ජීවිතක්ෂයට පත්ව තිබේ.  
>> read more

නොරොච්චෝලේ තාප බලාගා‍රයේ ...
නොරොච්චෝලේ තාප විදුලි බලාගාර‍යේ අද අළුයම් කාලයේ හදිසි ගින්නක් හට ගත් බව වාර්තාවේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජයකොඩි මහතා පැවසුවේ බලාගාර පරිශ්‍රයේ පිහිටිබඩු ගබඩාංගනයක මෙම ගින්න හටගෙන ඇති බවයි. පලාවිය ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ වැඩබිමෙහි කම්කරුවන් එක්ව ගින්න මැඩපවත්වා ඇති අතර ගිනි ගැනීමට හේතුව මෙතෙක්අනාවරණය කරගෙන නොමැත. ගින්න හේතුවෙන් කිසිදු ජිවිත හානියක්වාර්තා නොමැති අතර එහි තිබූ බට සහ නල තොගයකට අලාභ හානී සිදුව තිබේ.    
>> read more

හයිඩ් රැළියට දැවැන්ත ජනකායක්
  ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා චෝදනා විරහිතව අත්අඩංගුවට ගෙන මාසයක් පිරීම නිමිති කො‍ට ගෙන වහා ඔහු නිදහස් කරන්නැයි ආණ්ඩුවට බලකරමින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් ඊයේ කොළඹ හයිඩ් පිටියේ පැවැත්වූ ජනතා රැළියට අතිවිශාල ජනකායක් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.   අනෝමා ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැළියට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයින් සහභාගීවී සිටියහ. පහත පළවන්නේ එම රැළියට අදාළ ඡායාරූප කිහිපයකි.   තව දුරටත් කියවන්න... (http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5856:2010-03-09-04-32-53&catid=35:2008-10-13-08-30-14&Itemid=63)
>> read more

හමුදාවේ දුරකථනය ජනරාල් ...
  සිය දියණියන් දෙදෙනාට දුරකතනයෙන් කතා කිරීමට අධිකරණය ලබා දී තිබූ අවරසය හමුදාව විසින් අහිමි කිරීමට එරෙහිව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පෙරේදා ආරම්භ කළ උපවාසය ඊයේ දිනයේද පවතාවාගෙන ගිය බව අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසීය.   දියණියන්ට කතා කිරීම සදහා ජනරාල්වරයාට ඊයේ පෙරවරුවේ හමුදාවේ දුරකතනයක් ලබාදී ඇතත්, ඔහු එය ප්‍රතික්ෂේප කොට ඇති බවත් කලින් සිදුකළ අන්දමට සිය නිවෙසින් ගෙන එන දුරකතනයෙන් දියණියන්ට කතා කිරීමට ඉඩ ලබා දෙන තෙක් ඔහු තම උපවාසයේ නිරතවන බවද ෆොන්සේකා මහත්මිය පැවසීය. ‍   ෆොන්සේකා මහතා ඊයේ සහ පෙරේදා දිනයන්හි නිවසින් රැගෙන ගිය කිසිදු ආහාරයක් නොගත් අතර බෙහෙත් පමණක් ලබා ගත් බවද ෆොන්සේකා මහත්මිය වැඩිදුරටත් පැවසීය.  
>> read more

ත්‍රස්ත විමර්ශන ඒකකය පැය තුනක් ...
  ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධූර අපේක්‍ෂක ටිරාන් අලස් මහතාගෙන් ත‍්‍රස්ත විමර්ශන ඒකකය අද පැය තුනක කාලයක් තිස්සේ ප්‍රශ්න කර තිබේ. පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කිරීම සම්බන්ධයෙන් මෙලෙස ඒ මහතාගෙන් ප්‍රශ්න කර ඇතැයි වාර්තාවේ.   වාර්තාවන ආකාරයට ජනාධිපතිවරණයේදී ෆොන්සේකා මහතාගේ ප‍්‍රචාරක කටයුතුවලට, පෞද්ගලික ආරක්‍ෂාව සැපයීමට, පදිංචියට පහසුකම් සැලසීමට, දුරකථන පහසුකම් ලබාදීමට අලස් මහතා උදව් උපකාර කළේද? ආදි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඒ මහතාගෙන් මෙලෙස ප්‍රශ්න කර තිබේ.   ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මංගල පාර්ශ්වයේ ප්‍රධාන ලේකම් සහ ජාතික සංවිධායක ලෙස කටයුතු කළ ඒ මහතා පක්ෂයේ තනතුරුවලින් ඉවත්ව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කිරීම සදහා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය හා අත්වැල් බැද ගත්තේය.  
>> read more

ජෙනරාල්ගේ අරගලය ජය ගනී
  ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුවීමට යන අවස්ථාවේ ජංගම දුරකථනය රැගෙන යාම සදහා අනෝමා ෆොන්සේකා මහත්මියට යුද හමුදාපතිවරයා යළි අවසරදුන්  බව හමුදා මාධ්‍ය ප්‍රකාශක ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.   මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ප්‍රසාද් සමරසිංහ මහතා "ඒක වරප්‍රසාදයක් විතරයි, උසාවි නියෝගයක් නොවෙයි. ඒ වරප්‍රසාදය අපි එයාට කලින් ලබාදීපු එකක්. යුද හමුදාපතිවරයා අද තීරණය කර තිබෙනවා එතුමාට ඒ වරප්‍රසාදය නැවත ලබා දෙන්න. හැබැයි ඒ ඔහුගේ දියණියන් දෙදෙනාට කතා කිරීමට පමණයි." යැයි පැවසීය.   ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට දුරකථන පහසුකම් ඇතුළු තවත් පහසුකම් කිහිපයක්ම ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද නියෝගකර ති‍බියදී පසුගිය සෙනසුරාදා රාත්‍රියේ සිට ඔහුට දුරකථන පහසුකම් ලබාදීම නවතා තිබිණි. ඒ අනුව ඊට විරෝධය පළ කරමින් ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ පෙරවරුවේ සිට නිරාහාරව සිටිමින් උපවාසයක නිරතවූ අතර අද දහවල්වන විට එයට පැය 24ක්ද ඉක්මවා තිබිණි.   මේ අතර යුද හමුදාපතිවරයා ලබා දුන්නා යැයි කියන නියෝගය මේවන තෙක් තමන් වෙත ලැබී නොමැති බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි.     
>> read more

පැමිණිලිවලට ප්‍රතිචාර නැති නිසා ...
ජනාධිපතිවරණ සමයේ තම දේශපාලන කාර්යාල වලට සහ නිවසට අවස්ථා ගණනාවකදී එල්ලවූ පහරදීම් හා වෙඩි තැබීම් සම්බන්ධයෙන් කළ පැමිණිලිවලට එරෙහිව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර මහතා පොලිසියට එරෙහිව මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී තමන්ටත් තම පාර්ශවකරුවන්ටත් සිදුවු හිරි හැර සහ ප්‍රචණ්ඩ ක්‍රියා වලදී පොලිසිය ක්‍රියා කළ ආකාර‍ය හේතුවෙන් තමාගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට චෝදනා කරමින් මංගල සමරවීර මහතා මෙම පෙත්සම ගොනු කර ඇත. මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමින් පොලිස්පතිවරයා , දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.   පොලීසියේ ක්‍රියාකලාපය හේතුවෙන් සිය මුලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසටත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසටත් පෙත්සම්කාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා සිටියි.
>> read more

අම්පාරේ ඡන්ද පත්‍රිකාව කොට කිරීමට ...
අම්පාර දිස්ත්‍රික්කයට නියමිත ඡන්ද පත්‍රිකාව අඩි දෙකක් පමණ දිගට සහ අඩියක් පමණ පළල කඩදාසියක මුද්‍රණය කිරීමට තීරණය කර ඇති බව මුද්‍රණාල ආරංචි මාර්ග සදහන් කරයි.   මෙවර මහ මැතිවරණයට දේශපාලන පක්ෂ 18ක් සහ ස්වාධීන කණ්ඩායම් 48ක් තරග වදින බැවැන් අම්පාර දිස්ත්‍රික්කයට අදාල ඡන්ද පත්‍රිකාව සම්මත ප්‍රමාණයන් යටතේ මුද්‍රණය කළහොත් එය අඩි 4ක් පමණ දිග වන බව මැතිවරණ දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි. එමනිසා භාවිතයේ පහසුව සදහා මෙලෙස ඡන්ද පත්‍රිකා‍ව මුද්‍රණය කිරීමට තිරණය කළ බවද මැතිවරණ දෙපාර්තමේන්තුව පවසයි.
>> read more

මට්ටක්කුලිය හමුදා කඳවුර පසුපස ...
මට්ටක්කුලිය පර්ගියුසන් පාරේ පිහිටි යුද හමුදා කඳවුර පිටුපස කැළණි ගගේ පාවෙමින් තිබූ නාදුනන පිරිම මළ සිරුරක් මෝදර පොලීසිය විසින් සොයාගෙන ඇති බව වාර්තාවේ.   පොලීසිය පවසන ආකාරයට එම සිරුරේ විස්තර මෙසේය: වයස අවුරුදු 45 ක් පමණ, උස අඩි 5 යි අඟල් 3 යි, තලෙලූ, සාමාන්‍ය සිරුර, කොණ්ඩය කොටට කපා උඩු රැවුල මඳක් වවා ඇත. උඩුකය නිරුවත්ව ඇත. යටිකයට තද දුඹුරුපාට යට ඇදුමක් ඇඳ සිටී. පිටකොන්දේ දකුණු පැත්තේ හම පුපුරා ගිය තුවාලයක්ද, වම් කකුලේ දන හිසට පහල වලලූකරට උඩින් සීරීම් තුවාල දෙකක් ඇති අතර එම තුවාලවලට ප්ලාස්ටර් අලවා ඇත. මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ පොලිස් මෘත ශරීරාගාරයේ තබා ඇත.
>> read more

ජනපතිවරණ සමයේ ජනපතිට සමෘද්ධියෙන් ...
  පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය සතු මුදල් ලක්ෂ 88කට වැඩි ප්‍රමාණයක් කඩිනම් ව්‍යාපෘතියකට මුවාවෙමින් ලබා දී ඇතැයි Anticorruptsl.com වෙබ් අඩවිය වාර්තාකරයි.   එම වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අරමුණු කර ගනිමින් සමෘද්ධි අධිකාරිය විසින් පසුගිය දෙසැම්බර් මස ක්‍රියාත්මක කළ කඩිනම් වැඩ සටහන සදහා මෙම මුදල් ප්‍රමාණය වැය කර තිබේ.   එය වෙබ් අඩවියේ වාර්තා කර ඇත්තේ පහත අයුරිනි,   රජ නැගුමක්වූ ගම නැගුම   ජනපතිවරණය වෙනුවෙන් සමෘද්ධි අධිකාරියේ මුදල් කාබාසිනියාවූ අයුරු පසුගිය ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ නීතිය පසෙක තබා රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු, සංස්ථාපිත මණ්ඩල ජනාධිපතිවරයා සහ ඔහුගේ ගෝල බාලයිනට හිතූ හිතූ ආකාරයෙන් මැතිවරණ කටයුතු සදහා තව දුරටත් කියවන්න... (http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5848:-88-&catid=35:2008-10-13-08-30-14&Itemid=63)
>> read more

ජෙනරාල් අත්අඩංගුවට ගෙන මාසයයි - වහා ...
කිසිදු චෝදනාවක් රහිතව ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ‍ගෙන රඳවා හෙටට (08) මාසයක් සපිරෙන අතර, ‍ජනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස බල කෙරෙන මහා ජනතා රැලියක් හෙට (08) සවස 3.00 ට කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වේ.   ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන මෙම රැලියට ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයින්, ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.   ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මාධ්‍ය ඒකකය පවසන්නේ මෙම රැලිය අන්තර් ජාලය ඔස්සේ සජීවීව www.freesarathfonseka.com (http://www.freesarathfonseka.com/) යන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රචාරය කරන බවයි.    
>> read more

අපි බෙදුම්වාදය ප්‍රතික්ෂේප කරනවා ...
යාපනය, වන්නි, මඩකලපුව, ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කවලට තරග වදින ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ අපේක්‍ෂකයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊයේ (06) වව්නියාවේදී පැවැත් විණි. ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ඇතුළු නායකයින් පිරිසක් ඊට සහභාගි වූ අතර ඉහත දිස්ත‍්‍රික්කවලට තරග වදින අපේක්‍ෂකයෝද සහභාගි වූහ. එහිදී අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ තව දුරටත් කියවන්න... (http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5846:2010-03-07-15-18-22&catid=35:2008-10-13-08-30-14&Itemid=63)
>> read more

අපේක්‍ෂක ලැයිස්තුව අවලංගු කරන්න - ...
එක්සත් ජාතික පෙරමුණේ මොනරාගල දිස්ත‍්‍රික් නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කළ තමාගේ නම එම ලැයිස්තුවට ඇතුළත් කරන ලෙසත්, එසේ නොහැකි නම් නාමයෝජනා ලැයිස්තුව ප‍්‍රතික්ෂේප කරන ලෙසත් ඉල්ලා තිස්ස කුට්ටිආරච්චි මහතා හෙට (08)ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට නියමිත බව වාර්තා වේ.   මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල එක්සත් ජාතික පෙරමුණේ නාමයෝජනා ලැයිස්තුවට මුලින්ම තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම ඇතුළත්ව තිබූ අතර, පසුව නාම යෝජනා භාර දීමේදී තිස්ස කු‍ට්ටිආරච්චිගේ නම එම ලැයිස්තුවෙන් ඉවත් කර තිබිණි. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් විසින් මැතිවරණ තව දුරටත් කියවන්න... (http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5845:2010-03-07-12-46-32&catid=35:2008-10-13-08-30-14&Itemid=63)
>> read more

මට ප්‍රසිද්ධිය දුන්නේ හෙළ උරුමය - ...
තම පියාගේ උරුමයෙන් මහනුවර දිස්ත්‍රික්කය ප්‍රධාන කොට දේශපාලනය කරන තමන්ට මෙවර මහ මැතිවරණයේ ප්‍රසිද්ධිය ලබා දුන්නේ ජාතික හෙළ උරුමය පක්ෂය බව මනෝ ගනේෂන් මහතා මල්වතු මහ නාහිමියන් සමඟ පැවසීය. මෙවර මහ මැතිවරණයට මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟවදින තමන්ට මැතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව ලබා නොදෙන ලෙද ජාතික හෙළ උරුමය උද්ඝෝෂණය කළ බවත්, මේ රටේ ජාතිවාදය පිළිබඳ හෙඳම නිදර්ශනය මෙය බවත් ගනේෂන් මහතා මෙහිදී පවසා ඇත.   මේ අවස්ථාවේදී ගනේෂන් මහතාට අවවාද කරමින් මල්වතු මහ නාහිමියෝ පවසා ඇත්තේ ගනේෂන් මහතාටත් මහනුවරින් ඡන්දය ඉල්ලීමට අයිතියක් ඇති බවත්, මේ රටේ සුළු ජාතීන් නොවන බව ජනාධිපතිවරයාම ප්‍රකාශ කර ඇති බවත්, යම් යම් පුද්ගලයින්ගේ උද්ඝෝෂණවලට නොසැලී කටයුතු කරන ලෙසයි.
>> read more

ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක් ...
ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක් රෝහල් ගත කෙරේ. ඒජන්සි වාර්තා සඳහන් කළේ ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කේල් හමුවීමට පැමිණි අවස්ථාවේදී හොස්නි මුබාරක් පිත්තාශයේ හටගත් වේදනාවක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බවයි. ඒ අනුව හොස්නි මුබාරක්ගේ පිත්තාශය ශෛල්‍යකර්මයකට භාජනය කිරීමට තීරණය කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. මේ අතර හොස්නි මුබාරක් යළි සිය රටට පැමිණෙන තෙක් එරට වැඩ බලන ජනාධිපති ධූරයෙහි අග‍්‍රාමාත්‍ය අහමඞ් නසීෆ් කටයුතු කරන බව විදෙස් වාර්තා පවසයි.
>> read more

චිලි හී සාගර විද්‍යා ආයතනයේ ...
චිලි හී සාගර විද්‍යා ආයතනයේ ප‍්‍රධානියා සේවයෙන් පහ කෙරේ. එරටට බලපෑ රිච්ටර් මාපක 8.8 ක භූ කම්පනයෙන් පසු ඇති වූ සුනාමි තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීමට අපොහොසත් වීම ඔහු සේවයෙන් පහ කිරීමට මූලික වී ඇත. මෙම ආයතනයේ පරිපාලනයෙන් අඩක් එරට නාවික හමුදාව යටතේ පවතින බව ඒජන්සි වාර්තා සඳහන් කරයි. ඒ අනුව සිද්ධිය පිළිබඳව චිලී හි නාවික හමුදාවද විශේෂ පරික්‍ෂණයක් ආරම්භ කර තිබේ. මේ අතර චිලී රාජ්‍යයට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 800 ක් බව මීට පෙර ප‍්‍රකාශ කළද එම සංඛ්‍යාව 452 දක්වා අවම වි ඇති බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරයි. කෙසේ වෙතත් තවත් බොහෝ පිරිසක් අතුරුදන් වී ඇති බව සහන සේවකයෝ පවසති.
>> read more

යුක්රේන ජනාධිපති රැසියන් සංචාරය ...
සිය රුසියානු සංචාරය මගින් දෙරට අතර පවතින රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවස්ථාව හිමි වී ඇතැයි යුක්රේන ජනාධිපති වික්ටර් යනුකොවිච් පවසයි. රුසියාව සහ බටහිර රටවල් සමඟ රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා තර කර ගැනීම යුක්රේන රජයේ අපේක්‍ෂාව බවද ඔහු ප‍්‍රකාශ කර තිබේ. මේ අතර බ‍්‍රසල්ස් හි පිහිටි යුරෝපා සංගම් මූලස්ථානයේද වික්ටර් යනුකොවිච් සංචාරය කර ඇත.
>> read more

සිම්බාබ්වේ සම්බාධක ඉවත් නොකළ ...
සිම්බාබ්වේ රාජ්‍යට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට සුදුසු කාලය මෙය නොවන බව බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ගෝඩ්න් බ‍්‍රවුන් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එරට සිදුවූ බවට කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සිම්බාබ්වේ රජය පිළිතුරු ලබාදිය යුතු බවයි.   ඒ සඳහා පිළිතුරු ලබා දෙන තෙක් සම්බාධක ඉවත් නොකළ යුතු බව අග‍්‍රාමාත්‍ය ගෝඩ්න් බ‍්‍රවුන් ගේ අදහසයි. දකුණු අපි‍්‍රකානු ජනාධිපති ජේකොබ් සූමා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු සඳහන් කළේ සිම්බාබ්වේ හි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. කෙසේ වෙතත් බි‍්‍රතාන්‍යයේ සංචාරයක නිරත ජේකොබ් සූමා සඳහන් කළේ සිම්බාබ්වේ රජය ආර්ථික වශයෙන් ස්ථාවර වීම සඳහා ඇති ඉඩ කඩ සම්බාධක ඉවත් කිරීමෙන් පුළුල් වන බවයි.  
>> read more

ජෙනරාල් සිර මැදිරියේ උපවාසයක් ...
ආණ්ඩුව විසින් සිරගත කරනු ලැබ සිටින ජෙනරාල් සරත් ‍ෆොන්සේකා මහතා අද උදෑසන සිට සිර මැදිරිය තුළ උපවාසයක් ආරම්භ කර ඇත. අධිකරණය විසින් සහතික කරන ලද තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට විරෝධය පළ කිරීම සඳහා මෙම උපවාසය ආරම්භ කර තිබේ. මේ බව අද හෙළිදරව් වූයේ අද දින කොළඹ රාජකීය මාවතේ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන ප්‍රධාන කාර්යාලයේ පැවැති රැස්වීමකදීය.   සරත් ‍ෆොන්සේකා මහතා බැලීමට යන ඔහුගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මියට සිර මැදිරිය වෙත ජංගම දුරකතනය ගෙන යාමට අවසර ලබා දී තිබිණි. සරත් ෆොන්සේකා මහතා සිය දරුවන් සමග අදහස් හුවමාරු කර ගන්නේ එම තව දුරටත් කියවන්න... (http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5838:2010-03-07-06-37-52&catid=35:2008-10-13-08-30-14&Itemid=63)
>> read more